කුකුළු ආහාර නිපදවීම සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු අනර්ඝ තත්වයේ සහල් තොගයක් භාවිත කළ, කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් වටලා සහල් කිලෝ 3300ක් සිය බාරයට ගත් බව කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීහු පැවසූහ. පරිභෝජනයට අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වාගැනීම නවත්වාලීමට එම අධිකාරිය මගින් විධාන අංක 72 යටතේ නිකුත්කර ඇති අතිවිශේෂ චක්රලේඛනයට අනුව, සත්ව ආහාර නිෂ්පාදනය උදෙසා සහල් භාවිතා කිරීම තහනම් කර ඇති බවත්, ඒ අනුව දිගින් දිගටම මෙවන් වැටලීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් වැටලීම් කණ්ඩායම භාර නිලධාරියා පැවසීය. සත්ව නිෂ්පාදනාගාරයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.