හදිසි විදුලි බිද වැටීමේ වගකීම විදුලි ඉංජිනේරුවන් විසින් භාර ගත යුතුයි

August 21, 2020

මෙරට විදුලි බල ඉතිහාසයේ දරුණුම විදුලි බිද වැටීම 2020/08/17 දින දහවල් 12.35 ට පමණ සිදුවිය. එහිදී සිදුවන්නේ සම්ප්‍රේෂණ පද්ධතිය හා බලාගාරය යන දෙකම  බිද වැටීමයි.

මෙය සිදුවීම් දෙකක් වන අතර විදුලි බල මණ්ඩලය උත්සහ කරන්නේ කෙරවලපිටිය සම්ප්‍රේෂණස පද්ධතිය බිද වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරය බිද වැටුනු බව හැගවීමට වුවද එය පිළිගත නොහැකි තත්වයකි.

නොරොච්ච‌ෝල් බලාගාරයේ දෝෂ වහ ගැනීම සදහා කෙරවලපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ බිදවැටීම ප්‍රයෝජනයට ගැනීමට විදුලි ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටියි. මෙම බිදවැටීම නිසා   දින හතරක් හෝ ඊට වැඩි කාලයක් දිවයින පුරා විදුලි සම්බන්ධතාවය පැය කිහිපයක් කපා හැරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසන්නේ 2020/08/17 දින හදිසි විදුලි බිද වැටීම සිදු වූයේ අත්වැරදීමකින් බවයි. විදුලි බල මණ්ඩලයේ අත් වැරදීමකට මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින් වන්දි ගෙවීමමට සිදුව තිබේ.

විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ට අත් වැරදීම් සිදුවීම ආරම්භවන්නේ දිගු කාලයක සිට බව අප සියලුම දෙනා දන්නා කාරණයකි. එම අත් වැරදි කිහිපයක්

නොරාච්ච‌ෝල් මෙගා 65 ක් උපදවන  සුළං බලාගාරයකින් ග්‍රිඩ් උපපොලේ බිද වැටීම සිදුවී මාස ගණනක් වුවද එය තවම යථා තත්වයට පත් කර නැත.

හදිසි විදුලිය බිද වැටීමකදී කොළඔට විදුලිය සැපයීම සදහා යුද්ධය පැවැති කාලයේත් ක්‍රියාත්මක වූ මෙගාවොට් 150 ක ගෑස් ටර්බයින් බලාගාරය මේ වන විට අක්‍රීය වී  මාස ගණනකි. මෙම බලාගාරය ක්‍රියාත්මක වූයේ නම් කොළඔට වතුර නැති වන්නේ නැත.

රාජ්‍ය ආයතනවල විදුලි ජනන යන්ත්‍ර   ක්‍රියාත්මක වූ යේ නම් මෙගා වොට් 500 පයෝජනයට  ගැනීමට හැකියාව තිබුණි. ඒ පිළිබදව සැළකිල්ලක් නැත.

විදුලි ජනන යන්ත 50 ක මිලදී ගත්තද එවායින් බොහෝමයක් දැන් අකීය වී ඇත.

තාක්ෂණිය දෝෂ නැති කිරීමට ඉංජිනේරුවරු   1000 ක් සිටියත් සමහර විදුලි ඉංජිනේරුවරැ පිරිස් පරිපාලන අංශයේ රාජකාරි කරනු ලබයි. මහජන උපයෝගී කොමිසම මෙම පද්ධතියේ තිබෙන අඩුපාඩු හදුනා ගෙන ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කර තිබිනද එම නිර්දේශ ක්‍රියාත්ම කිරීමට කටයුතු කර නැත.

ජාතික විදුලි පද්ධතියට දිනකට මෙගාවොට් 304 ක් ඉතිරි කර ගැනීම සදහා  විදුලිය පිරිමසන බල්බ් මිලියන දහයක් මිලදී ගෙන ගෙවීමේ ක්‍රමයට විදුලි පාරිභෝගිකයින්ට බෙදා දීම සදහා වූ යෝජනාවක් 2017 වසරේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිවේ. මෙම මිලියන දහයෙන් මේ විට මිලියනයක බල්බ්  මිලියනයක් විදුලිබල මණ්ඩලය මිලදී ගෙන පාරිභෝගිකයින්හට ලබා දී තිබේ.

තවත් බල්බ් මිලියන නවයක් මිලදී ගත යුතු වුවද විදුලිය පිරිමසන එම විදුලි බල්බ් මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර නැත. විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන මාසික විදුලි බිලේ අදාල විදුලිය පිරිමසනු ලබන බල්බ් ලබා ගැනීම සදහා පාරිභෝගිකයා සුදුසුකම් ලබා ඇත යන්න සදහන් කර තිබුනද විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයකින් එම බල්බ ලබා ගැනීමට ගිය විට පවසන්නේ එම බල්බ් නොමැති බවයි.

රටට වාසිදායක අඩු වියදම් බලාගාර ඉදිකිරීම සදහා වූ යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලය විසින් සම්මත් කර ගෙන තිබුනද ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ කඔ ඇදීම නිසා එම බලාගාර ඉදිකිරීමට කටයුතු කර නැත. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්  උනන්දු  වන්නේ හදිසි විදුලි මිලදී ගැනීම් සදහා සහ ගල් අගුරු බලාගාර හා ඩීසල් බලාගාර ඉදිකිරීම සදහා පමණකි.

2020/08/17 දින සිදුවූ විදුලි බිදවැටීම පිළිබද සොයා බැලීම සදහා විදුලිබල අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. 2020/02/03 දින ද මෙවැනිම හදිසියේ විදුලි බිද වැටීමක් සිදුවිය. එවකට විදුලි බල අමාත්‍යාංශය භාර ඇමතිවරයාද එම හදිසි විදුලි බිද වැටීම පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කරන ලදී. එහෙත් එම කමිටු වාර්තාව තවමත් හමස් පෙට්ටියේය.

එදා මෙගා වොට් 400 ක අතිරික්තයක් තිබියදී විදුලිය කපා හැරි බව හෙළිවිය. එම කමිටුවල සාමාජිකයින් ලෙස කටයුතු කරන විශ්ව විද්‍යාල ආචාරියය මහාචාර්යවරුන්ගේ කාලය විදුලි බල මණ්ඩලය විසින් කා දැමීම රටට කරන විශාල අපරාධයකි. 2020/02/03 බිද වැටීමේ කමිටු වාර්තාව එළ දක්වා ඉන් පසු 2020/08/17 දින සදහා වූ වාර්තාව එළදක්වන ලෙස අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු.

විදුලි ඉංජිනේරුවන් තම වැටුප් හා දීමනා සදහා නිතර නිතර අරගල කරන පිරිසකි. මෙම විදුලි ඉංජිනේරුවන්ගේ උපයනවිට ආදායම ගෙවන්නේද මෙරට ජනතාව වීම විශේෂත්වයකි. තවද විදුලි වෙනත් ක්ෂතවලට නොමැති විදුලි ඉංජිනේරුවන්ටම ආවේනික වූ දීමනාවක් විදුලි ඉංජිනේරු දීමනාව ලෙස ඔවුනට ගෙවන ලබයි.  

නොරොච්චෝලේ විදුලි බලාගාරය බිද වැටීම දැන් මෙරට ජනතාවට සාමාන්‍ය සිදුවීමකි. ඒ එම බලාගාරය නිතර නිතර බිද වැටෙන බැවිනි. මෙහි ජනතාව පුදුම කරවන කාරණය නම් නොරොච්චෝලේ බලාගාරය ඉදිකල සමාගමට තවත් බලාගාරයක් ඉදි කිරීම සදහා අවසර දීමයි.

කර්මාන්ත  සදහා Start up නැතිනම් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සදහා වෙනම ගාස්තු අය කරනු ලබයි. විදුලිය බිද වැටෙන සෑම අවස්ථාවකම මෙසේ අය කරනු ලබයි. කර්මාන්ත ශාලා හිමියන් එම මුදල අය කරන්නේ පාරිභෝගිකයින්ගෙන්ය. ඒ නිසා මෙරට භාණ්ඩ මිල ඉහල යනු ලබයි.

බලාගාර වල ආරක්ෂාව සදහා පොලීසිය යෙදවූ පමණින් බලාගාර ආරක්ෂා නොවේ. බලාගාර වල අභ්‍යන්තර පද්ධතිය විදුලි ඉංජිනේරු බහිරවයෙන්ගෙන් ආරක්ෂා කර ගැනීම ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතුය.

වර්තමාන සභාපතිවරයා පත් වූ විගස බලාගාර නඩත්තු කිරීමේ කටයුතු වලින් විදුලි අධිකාරිවරැ ඉවත් කිරීම සිදු කලේය. අත්දැකීම් බහුල විදුලි අධිකාරිවරැන ඉවත් කිරීම ද නිතර නිතර බලාගාර හා පද්ධතිය බිද වැටීමට හේතු වී ඇති බව අපගේ අදහසයි.

 පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

t

o

p