පාර්ලිමේන්තුවේ නවක මුහුණු 81 ක්

August 20, 2020


අභිනව පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව නවක මන්ත්‍රිවරයන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටී.

මීට අමතරව සෑම පක්ෂයක්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලැබෙන ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරු 16 ක් දැනට යෝජනා වී ඇත.


ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරුන්ට ලැබෙන මන්ත්‍රී ධූර 16 බෙදී යනුයේ පහත පරිදිය .
එයින් පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රිවරුන් 12 ක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් සහ සමඟි ජන බලවේගයෙන්, ඉලංගෙයි තමිල් අරසු කචිචි , අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, මෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයකු බැගින් පත්ව සිටිති.

ඒ අනුව සමස්තයක් වශයෙන් දැනට නවවන පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රි සංඛ්‍යාව 81 කි.


එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයා බැගින් හිමි වූවද, එම නම් කිරීම් තවමත් සිදු කර නැති බැවින් හෙට පාර්ලිමෙින්තු සභා ගර්භයේ එම අසුන් හිස්ව පවතිනු ඇත.

2020 – පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරි පත්වූ නවක මන්ත්‍රිවරු(65)

මහමැතිවරණයෙන්
කොළඹ දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ – ප්‍රදීප් උඳුගොඩ 91958
මධුර විතානගේ 70205
ප්‍රේමනාත් සී. දොලවත්ත 69055
ජගත් කුමාර 47693
කළුතර දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න 105973
අනුප පැස්කුවල් 97777
ලලිත් එල්ලාවල 76605
ගම්පහ දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ නාලක ගොඩහේවා 325479
සහන් ප්‍රදීප් විතාන 97494
කෝකිලා හර්ෂණි ගුණවර්ධන 77922
නලින් රුවන්ජීව ප්‍රනාන්දු 69800
මිලාන් සජිත් ජයතිලක 68449
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ 67756
මහනුවර දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ වසන්ත යාපා බණ්ඩාර 108940
ගුණතිලක රාජපක්ෂ 49317
උදයන චමින්ද කිරිඳිගොඩ 39904
නුවරඑළිය දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ ජීවන් තොන්ඩමන් 109155
මරුධපාන්ඩි රාමේෂ්වරන් 57167
නිමල් පියතිස්ස 51225
සමගි ජන බලවේගය මයිල්වාගනම් උදයකුමාර් 68119

මාතලේ දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 71404
ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් 67776

ගාල්ල දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ සම්පත් අතුකෝරළ 128331
ඉසුරු දොඩංගොඩ 71266
ශාන් විජයලාල් ද සිල්වා 67793
මාතර දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ නිපුන ආර්. රණවක 131010
කාරුණාදාස කොඩිතුවක්කු 114319
වීරසුමන වීරසිංහ 77968
හම්බන්‍තොට දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ වෛද්‍ය උපුල් ගලප්පත්ති 63369
අජිත් රාජපක්ෂ 47375
අනුරාධපුර දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ මහාචාර්ය චන්න ජයසුමන 133980
උද්දික ‍ප්‍රේමරත්න 133550
එච්. නන්දසේන 53618
කේ.පී.එස් කුමාරසිරි 49030
සමගි ජන බලවේගය රෝහණ බණ්ඩාර විජේසුන්දර 39520

පොලොන්නරුව දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ අමරකීර්ති අතුකෝරළ 45939
සමගි ජන බලවේගය කිංග්ස් නෙල්සන් 22393

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ කපිල අතුකෝරළ 30056

මඩකලපුව දිස්ත්‍රික්කය
තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් 54198
ඉලංගෙයි තමිල් අරසු කච්චි සානක්‍ය රාහුල් 33332
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය අහමඩ් නසීර් 17599

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ ඩී.සී වීරසිංහ 56006
තිලක් රාජපක්ෂ 54203
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය මෙ‍ාහොමඩ් මුෂාරෆ් 18389

බදුල්ල දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ මේජර් සුදර්ශන් දෙනිපිටිය 71768
චාමර සම්පත් දසනායක 66393
ජනක තිස්සකුට්ටිආරච්චි 50151

මොනරාගල දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ ශෂීන්ද්‍ර රාජපක්ෂ 104729
කුමාරසිරි රත්නායක 91530
වෛද්‍ය ගයාෂාන් නවනන්ද 45384
සමගි ජන බලවේගය ධර්මසේන විජේසිංහ 20662

රත්නපුර දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ ගාමිණි වලේබොඩ 85804
අකිල එල්ලාවල 71179
මුදිතා ප්‍රශාන්ති ද සොයිසා 65923

කෑගල්ල දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ රාජිකා වික්‍රමසිංහ 68802
එල්.එම් සුදත් මංජුල 45970
උදයකාන්ත ගුණතිලක 46628

වන්නි දිස්ත්‍රික්කය
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය කුලසිංහම් දිලීපන් 3203

යාපනය දිස්ත්‍රික්කය
දෙමල ජනතා ජාතික සන්ධානය සී.වී විග්නේෂ්වරන් 21554

පුත්තලම දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ චින්තක අමල් මායාදුන්න 46058
මුස්ලිම් ජාතික සන්ධානය අබ්දුල් අලි සබ්රි මොහොමඩ් 33509

කුරුණෑගල දිස්ත්‍රික්කය
පොදුජන පෙරමුණ ආචාර්ය ගුණපාල රත්නසේකර 141991
අසංක නවරත්න 82779
සමන්ප්‍රිය හේරත් 66814
යූ.කේ සුමිත් උඩුකුඹුර 51134

පහත දැක්වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් මුල් වරට පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රි නාමාවලියයි.
ජාතික ලැයිස්තුවෙන් තේරි පත්වූ නවක මන්ත්‍රිවරු (16)
පොදුජන පෙරමුණ – 12
1 නීතිඥ සාගර කාරියවසම් (ලේකම් – පොදුජන පෙරමුණ)
2 අජිත් නිවාඩ් කබ්රාල් ( හිටපු මහ බැංකු අධිපති)
3 ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
4 ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
5 විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක (හිටපු අමාත්‍ය දිවංගත සාලින්ද දිසානායක මහතාගේ භාර්යාව)
6 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
7 මහාචාර්ය චරිත හේරත්
8 ගෙවිඳු කුමාරතුංග (යුතුකම සංවාද කවය)
9 යදාමිණි ගුණවර්ධන (ඉංජිනේරු)
10 ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් (හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර)
11 විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ (හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර)
12 මොහොමඩ් ෆලීල් මර්ජාන් (ව්‍යාපාරික)

සමගි ජන බලවේගය – 01
ඩයනා ගමගේ(නීතිවේදිනී)

ඉලංගෙයි තමිල් අරසු කච්චි – 01
තවරාජා කලෛයි අරසන්

අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය – 01
සෙල්වරාසා ගජේන්දිරන්

ජාතික ජන බලවේගය – 01
ආචාර්ය හරිනි අමරසූරිය

t

o

p