සිව් නිවුන් දරුවන්ට ඔබේ උපකාරය ඕනෑ

August 20, 2020

නිවුන් දරුවන් සිව් දෙනකු පෝෂණය කරගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ උපකාර ලබාදෙන ලෙස මිරිසවැටිය නාහිමියෝ ඉල්ලා සිටිති. අනුරාධපුර, තිසාවැව, පැරණි පුත්තලම් පාර, අංක 1 ලිපිනයේ පදිංචි උදාර ජයරත්න සහ විජිතානි අනුරාධා යුවළ මේ දරුවන්ගේ මවුපියෝ වෙති.

පසුගිය මැයි 10 වැනිදා පේරාදෙණිය රෝහලේ දී උපත ලැබූ එම දරුවන් දිගුකලක් රෝහලේ සත්කාර කිරීමෙන් අනතුරුව මේ වන විට අනුරාධපුර නිවසට ගෙනැවිත් සිටින අතර දරුවන් බලාගැනීම සඳහා එම මවට තවත් තිදෙනකුගේ සහාය අවශ්‍යවී ඇත. දරුවන්ට විශේෂිත පිටිකිරි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් දිනකට අවශ්‍ය බව උදාර මහතා පවසයි.

ඔහුගේ අදායම එම අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ පවසති.

මිරිසවැටිය නාහිමියන් ඇතුළු මහ සඟරුවන පෙරේදා (18) එම නිවුන් දරුවන් සිව්දෙනාට සෙත්පිරිත් සජ්ඣායනය කර ආශිර්වාද කළහ.

t

o

p