මැතිවරණ ජය කොරෝනා ප්‍රතිශක්තිකාරකයක්ද?

August 20, 2020

17 වන දා රාත්‍රී රූපවාහිනීර ප්‍රධාන ප්‍රවෘත්ති මගින් ඩෙන්මාර්කය මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට යන බව පැවසිණ. . මෙතෙක් ආසියානු රටවල් වන ජපානය, හොංකොං, සිංගප්පූරුව, ඉන්දියාව , ලංකාව මෙන්ම එංගලන්තය, ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපීය රටවල්ද , ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ඇතුළු බොහෝ ප්‍රාන්තද මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කරති. එම නීතිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩිවීම පාලනය කළ බව රහසක් නොවේ.


කොරෝනාවෙන් තදින්ම බැටකෑ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මුව ආවරණ ගැන මෙසේ දැනුම් දී ඇත.


මුව ආවරණ පැළදඳීම අනිවාර්ය කාටද?


* නිවසින් පිටතට යන සියලු දෙනා
* පාරිභෝගිකයා සමඟ කටයුතු කරන සියලු සේවකයන්, කඩ සාප්පු ඇතුළු
* කාර්යාල, කර්මාන්ත ශාලා, සියලුම කන්ඩායම් වල හමුවීම් වලදී
* වෛද්‍ය, හෙදි ඇතුළු සියලු හෙද සේවකයන්
* තමන්ගේ සේවා ස්ථානවල උපදෙස් අනුව අනෙක් ඕනෑම කෙනෙක්
මුව වැසුම් පැළඳිය යුතු නැත්තේ කවුරුද?
* අවුරුදු දෙකට අඩු ළමුන්
* හුස්ම ගැනීමේ රෝගයකින් පෙලෙන විට
* තනිවම මුව ආවරණ දැමීම ගැලවීම කරගත නොහැකි දුබල අයට
* මානසික රෝග, දරුණු කායික රෝග, හෝ දුබලතාවකින් පෙළීම නිසා මුව ආවරණය නිවැරදිව පවත්වාගත නොහැකි අය.


ඒත් කොරෝනා අපේ ඉවරයි කියා සිතන අද ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද? වෙන රටවල පාසල් වසති.. අපේ අරිති. ඒවායේ ඇඳිරි නීතිය පැනවෙයි. අපේ ඉවත් කෙරේ ඒවායේ මුව වැසුම් දාන්න කියති.. අපේ කැමති නම්නොදා සිටිය හැක..


දිනපතා ලොව වටා කොරෝනා රෝගීන්  දහස් ගණනින් ඉහළ යද්දී, කොරෝනා මරණ රොකට් වේගයෙන් වැඩිවෙද්දී , අපේ අසල්වැසි ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 27 පසුකර එහි කොරෝනා මරණ පනස් දෙදහස පනිද්දදී,  ,අපේ ලොක්කෝ මුව ආවරණ ගැන රට වැසියාට ලබා දෙන පරම ආදර්ශය ඕනෑම රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විනාඩි පහක් බැලීමෙන් දැකගත හැක.ඒ අතර සමහරුන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කොරෝනා ප්‍රතිශක්තිකාරකයක් සේ සිතා සිටින බවක් ද පෙනේ


ඒ හැර මුව වැසුම් නොපැළඳ, දුරස්ථ භාවය නොරැක , සමිති සමාගම්, විවිධ විවෘත කිරීම් තියන කලා කරුවන්ද , රූපවාහිනී සැනකෙළි කාරයන්ද , මේ උද්දච්ච ගොඩටම වැටී ඇති බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුවේ. මන්ද දේශපාලකයන් කෙසේ වෙතත් කලාකරුවන් බුද්ධිමත් කොටසක් බව අපි අප සිතා සිටිමු. හදඳුනා නොගත් එක රෝගියෙක් මේ පිරිසේ නැති බවට කාට,කෙසේ නම් සහතික විය හැකිද?


සමාජයේ කොරෝනා නැති බවට කයිවාරු ගහපු  නවසීලන්තයට අද සිදුවෙන්නෙ යන්නෙ කුමක්ද? මේ ගැන අප ඉතා හොඳින් සිතා බැලිය යුතුය.


ආපු විදිහ හදුනා නොගත් රෝගීන් හතරක් සමාජයෙන් හමුවීමෙන් පසු කලළයුතු දෙයක අග මුල සිතාගත නොහැකිව  මුලු රටම භීතියට පත්වී ඇත. නමුත් අපේ රටේ සමහරුන් සිතනුයේ අපට සිටින තිස් තුන් කෝටියක් දෙවි වරු අප මේ උවදුරින් ගලවා ගනු ඇතැයි කියාය.
 නමුත් නොපෙනෙන දෙවිවරුන් කෙසේ වෙතත් මිනිස් දෙවි වරුන් ගේ බුද්ධි මහිමයෙන් කොරෝනා වළකන එන්නත් අත ළගටම ඇවිත් ඇත. ඒවා  නිසා තව සුලු කාලෙකින් අපේ ජීවිත බේරා ගැනීමට, අපිට පූර්ණ නිදහස ළගාකර ගන්න පුලුවන.

මේ බව පෙනි පෙනී තිබෙද්දී මේ නාඩගම් නටන පිරිස කරන්නේ කුමක්ද?අප රටේ හමුදා සහ සෞඛ්‍ය අංශ ඉමහත් කැපවීමෙන් ලබා දුන් මේ තාවකාලික සහනය ගැන පාරම්බාමින් ජනතාවගේ ජීවිත රාශියක් අනතුරේ දැමීමට සහාය වීම නේද?


මැතිවරණ ජයෙන් “චූන් වෙමින්’ දුප්පත් ජනතාවට වැරදි ආදර්ශයක් දිමෙන් ඔවුන් කොරෝනා වල බරපතල කම දැනටමත් බොහෝ දෙනාගේ හිත් වලින් පහ කර නැතැයි කීමට අපට.පුළුවන්ද?


 නමුත් මේවා  කියා දෙන  අප මත බය ගුල්ලන් , මෝඩයන් ලෙස ලේබල්  අලවා අපහාස උපහාස වලින් අප නැහැවීමටත් පුළුවන
ඒත් ඒ බව දැනත් සත්‍යය පෙනී සිටීම නිහඬව  කළ නොහැක.


විශේෂඥ වෛද්‍ය ආර් එන් ජී රාජපක්ෂ.

t

o

p