අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක්

August 19, 2020

මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට නියමිත බවයි.

ඒ සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බවද ඔහු පැවසුවේය.

t

o

p