අනුරපුර පුදබිමේ අසරණ සතුනට පිළිසරණක්!

August 17, 2020

විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික අපදා තත්වයන් හමුවේ අනුරාධපුර පූජා නගරයේ ජීවත් වන නිවාස අහිමි සුනඛාදී සතුන් ඇතුළු ඒ  ආශ්‍රිතව වෙසෙන වන ජීවීන මුහුණ දෙන ජීවිත තර්ජන ඇතුළු අනේක විධ තාඩන පීඩන, දුක් ගැහැට සහ එම සත්ව ප්‍රජාව හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සහ බැතිමතුනට මුහුණ දීමට සිදුවන අපහසුතා පිටුදැකීම  පිණිස පිහිටුවා ගනු ලබන “අහිංසා ශ්‍රී ලංකා” අනුබද්ධිත “අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ” සමාරම්භක රැස්වීම 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා පෙරවරු 10.00ට අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේගේ සහ මිරිසවැටිය රාජ මහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

 මෙම රැස්වීමේ දී රුවන් වැලි සෑ නාහිමියන් විශේෂ අනුශාසනාවක් කළ අතර  “අහිංසා ශ්‍රී ලංකා” අධ්‍යක්ෂ[නෛතික කටයුතු] නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ,අනුරාධපුර නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහාන් හෑගොඩ ආරච්චි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි සහකාර බිමල් එරංග  හේරත් සහ පරිසරවේදී රුවන් ජයලත්[ජාදු] යන මහත්වරු ද දෙසුම් පැවැත්වූහ. මෙහිදී අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකාය සඳහා නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා ලදී.එම නිලතල මෙසේය.

සභාපති:විශේෂඥ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න මහතා [විශේෂඥ අධිකරණ වෛද්‍ය,මහ රෝහල,අනුරාධපුරය]                    
උප සභාපති:මංජුල කාන්ගර මහතා
[ගෘහ නිර්මාණ ශිල්පී]                                                                  
ලේකම් සෝමානන්ද කටුගම්පල මහතා
[හිටපු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ]                                            
උප ලේකම් මුතුබණ්ඩා දසනායක මහතා  [කැපකරු,රුවන් වැලි මහ සෑ විහාරය]                                                                              
භාණ්ඩාගාරික වෛද්‍ය පද්මා බණ්ඩාර මහත්මිය[වෛද්‍ය නිලධාරී,උතුරු මැද පලාත් වකුගඩු ඒකකය]                                    
මීට අමතරව රුවන් ජයලත් [ජාදු],අමිත් උදයංග යන මහතුන් ගේ නායකත්වයෙන් ස්වේච්ඡා සත්ව ආරක්ෂක ක්‍රියාකාරී බලඇනිය නමින් මෙහෙයුම් කණ්ඩායමක් ද නම් කෙරුණු අතර ඉහත සඳහන් ගැටළු සම්බන්ධයෙන් ඔවුනට සෘජුවම ඉදිරිපත් විය හැකි යාන්ත්‍රණයක් සැකැසීම සම්බන්ධයෙන් ද මෙහි දී විශේෂ අවධානය යොමු විය.

තිලක් සේනාසිංහ

t

o

p