සමගි ජන බලවේගය සහ සෙසු පක්ෂ අතර ගැටුම් උත්සන්න වෙයි

August 9, 2020

සමගි ජන බලවේගයේ සහ අපේ ජනබල පක්‍ෂය තුළ අභ්‍යන්තර මතගැටුම් නිර්මාණය වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සමඟි ජනබලවේගයේ සුළු පක්‍ෂ පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර ලබාදෙන ලෙස බලපෑම් කිරීමත් සමඟයි මෙම ගැටුම් ඇති වී තිබෙන්නේ.

රිෂාඞ් බදියුදීන් හා මනෝ ගනේෂන් යන අයගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්‍ෂ වෙනුවෙන් පොරොන්දු වී ඇති පරිදි ලැයිස්තු මන්ත්‍රිධූර ලබාදීමට නොහැකි වී ඇත් බව සමඟි ජනබලවේගයේ මහලේකම්වරයා දැනුම් දී ඇති බවත්, එහිදී ලැබී ඇති මන්ත්‍රිධූර තම පක්‍ෂ වෙත හිමිවිය යුතු බවට මනෝ ගනේෂන් හා රිෂාඞ් බදියුධීන් යන පක්‍ෂ නායකයින් නැවත නැවතත් අවධාරණය කර ඇති බවත් දේශපාලන ආරංචි පැවැසුවා.

සමඟි ජනබලවේගයට ලැබී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර 07 ක් පමණයි.

t

o

p