09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.
ඒ කැලණිය රජමහා විහාරස්ථානයේ දීය.
මෙරට 28 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් දිවුරුම් දෙනු ලැබිය.
මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.