මහ මැතිවරණයට ඇමරිකාවෙන් සුභ පැතුම්

August 7, 2020

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරාපත්කර ගැනීම සඳහා පැවති මහ මැතිවරණය පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය සුභ පැතුම් එක්කර ඇත.  

“අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ.

කොවිඩ් -19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ,” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන්.

t

o

p