පාර්ලිමේන්තු මැතිවරණය ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

August 7, 2020

නවවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පෙරේදා (05) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්ක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 145ක් ලබා ගනිද්දී දෙවැනි තැනට පත්ව සිටින සමඟි ජන බලවේගය ඡන්ද 2,771,984ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 54ක් ලබාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද 4,081,709 ලබා ගනිමින් මෙම මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

එම පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 18 ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 128 ක් ලබාගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගෙන ඇත. ඒ අනුව එම පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 18 ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 128 ක් ලබාගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගෙන ඇත.

මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නුවරඑළිය, අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොණරාගල, මාතලේ, කෑගල්ල, කුරුණැගල, රත්නපුර, ගම්පහ, කොළඹ, මහනුවර, දිගාමඩුල්ල, පුත්තලම සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සියල්ල විශිෂ්ඨ ලෙස ජය ගැනීමට සමත්ව විය.

සමඟ ජන බලවේගය ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙන අතර එම පක්ෂය දිනාගෙන තිබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 47කි.

ඊට අමතරව මඩකලපුව, යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක ජයගත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මන්ත්‍රී ආසන 9ක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඊට අමතරව ජාතික ජන බලවේගය විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ආසන එක බැඟින් ආසන දෙකක් දිනාගෙන සිටී.

t

o

p