“කුඩු පූසා”[KP] යළි මතු වෙයි

August 6, 2020

                                               
 පසුගිය අගෝස්තු 01 වනදා බෙල්ලේ ගැට ගසා තිබූ මත් කුඩු ග්‍රෑම්1.8ක් සමඟ බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ බේස්ලයින් දොරටුව අබියස දී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් බළලා  බන්ධනාගාර පරිශ්‍රය අවට  සැරිසරමින් සිටිනු නිරීක්ෂණය වූ බව බන්ධනාගාර නිලධාරීහු පවසති පසු ගිය 01 වනදා   බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමෙන් පසු එම බළලා බන්ධනාගාරයේ කාමරයක රඳවා සිටි අතර පසුව  ඌ අතුරුදන් වී ඇති බව ප්‍රකාශ වී තිබිණ.

මෙම අතුරුදන් වීමෙන් පසු  බන්ධනාගාර නිලධාරීන් “කුඩු පූසා” යන්න කෙටි කොට මෙම බළලා “කේ. පී” යන නමින් හඳුන්වන්නට වූ බව සත්ව ලෝලී බන්ධනාගාර නිලධාරිනියක් කීවාය                                                                                                                                                    බළලුන් වැනි සතුන් විශේෂ හේතුවක් නොමැතිව තම සුපුරුදු වාසස්ථානය වෙනස් නොකරන බැවින් මෙම අතුරුදන් වීම ප්‍රශ්න සහගත බව  සත්ව ලෝලීහු කියා සිටියහ.නමුදු අප රටේ නීති වලට අනුව තිරිසන් සතුන් කිසිදු අපරාධයක්  සම්බන්ධ වරද කරුවන් නොවන බැවින් මෙම සත්වයාට සුපුරුදු පරිදි ජීවත් වීමට ඉඩ දිය යුතු බව මේ සම්බන්ධයෙන් ඔවුන් ගේ අදහසය.

රේණුකා දමයන්ති

t

o

p