මැනිලා අගනුවරට සීමාවන් දැඩි වෙයි

August 3, 2020

පිලිපීනයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාමත් සමග එරට මැනිලා අගනුවර වෛරසය මැඩපැවැත්වීමේ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කළ බව එරට ජනාධිපති රොඞ්රිගෝ ඩුටාර්ටේ පවසනවා.

නවීකරණය සහ වැඩි දියුණු කරන ලද ප්‍රජා නිරෝධායනය ලෙස නම් කර ඇති මෙම නව සීමාවන් මැනිලා සහ ලගූනා, කැවිට්, රිසාල්ට්, බුලගන් පළාත්වලට ද පැනවෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අනුව වයස අවුරුදු 21 ට අඩු පුද්ගලයින් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් මෙන්ම සෞඛ්‍ය අවදානම් සහිත පුද්ගලයින් ඇතුලු ගර්භණී කාන්තාවන් ඔවුන්ගේ නිවාසවල රැදී සිටිය යුතු බවද අදාළ නීතිරීතිවල සඳහන් වන බවයි වාර්තා වන්නේ.

t

o

p