තරුණ පරම්පරාවට නව අවස්ථාවන් ලබා දිය යුතු බව රනිල් කියයි

July 12, 2020

මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ තරුණ නායකත්වයකට ඉඩ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තරුණ නායකත්වයක් බිහිකිරීමේ අරමුණින් සංවිධාන කරන පරපුර තරුණ ව්‍යාපාරය ආරම්භ කිරීම ඊයේ (11) සිදුකෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය.

වෙනසකට ඉඩ දෙමින් තරුණ පරම්පරාවට නව අවස්ථාවන් සළසා දිය යුතු බවත් අවි ආයුධවලින් රටේ අර්බුද විසඳිය නොහැකි බවත් ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

t

o

p