කන්දකාඩුවෙන් හමුවණ පොකුර පාලනය කළ හැකියි

July 12, 2020

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

  වත්මන් තත්ත්වයද පෙර පැවති මෙන් පොකුරක් වන අතර එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.   

පවත්නා තත්ත්වය මත තවදුරටත් රෝගීන් හමුවීමේ ඉඩක් පවතින බවයි ජාසිංහ මහතා කියාසිටි. 

“පහුගිය කාලයේ රට විවෘත කළේ ජන ජීවිතය යහපත්ව පවත්වා ගෙනයාමට. නමුත් ඇතැම්විට අපට පෙනී යනවා ආයතන,දේශපාලන පක්ෂ,ජනතාව,විවිධ කණ්ඩායම මේ තත්ත්වය නොසලකන තත්ත්වයක් තියෙන්නේ.

එකෙන් ඔබ්බට ගිහින් ක්‍රියා කරන තත්ත්වයක් තුළ වෛරසයට විවෘත නොවී සිටීම    උල්ලංඝනය වෙලා තියෙන්නේ.”   ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

t

o

p