කන්දකාඩුවෙන් කොරෝනා පොකුරක් – ආසාදිතයෝ 283ක්

July 11, 2020

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 283කට කොවිඩ් – 19 වයිරසය මේ වන විට ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 

කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකට ද කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති අතර ඇය පොදු ප්‍රවාහන සේවය ද භාවිතා කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

මෙම උපදේශිකාව හමු වූ පුද්ගලයන් සහ ආගිය ස්ථාන පිළිබදව දැඩි විමර්ශනයක් සිදු කරන බවත් ඔවුන් හදුනා ගැනීමෙන් පසුව කිසිවෙකුටත් වෛරසය බෝ වීමක් සිදු නොවන බවත් ඒ මහතා පැවැසුවේය.

t

o

p