ඡායාරූප ප්‍රදර්ශණය කළ හැක්කේ අපේක්ෂකයාගේ වාහනයේ පමණයි

July 10, 2020

මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධන වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල එවැනි ස්ටිකර් අලවා ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වෙයි.

සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයෙන් හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමටද පොලිසියට උපදෙස් ලබාදී ඇත.

t

o

p