සියැට් LYFMAX Bias-ply ටයරය දේශීය වෙළඳපළට හඳුන්වා දෙයි

July 10, 2020

ට‍්‍රක්රථ සහ ප‍්‍රයිම් මූවර් සඳහා වැඩි බරක් ගෙන යමින් වැඩිදුරක් ධාවනය කළ හැකි නව ටයරයක් දේශීය වෙළඳපළට හඳුන්වා දෙමින් තවත් සංධිස්ථානයකට එළඹීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සමත්වී තිබේ.

කිලෝ 52 ක (රාත්තල් 115 ක්) බරකින් යුක්ත වන මෙම නව ටයරය Bias-ply මාදිලියෙන් 10.00 20 ප‍්‍රමාණයෙන් නිපදවා ඇත. මේ අනුව, මෙම ටයර් ශ‍්‍රී ලංකාවේ ධාවනය වන බස්රථ සහ ට‍්‍රක්රථ 48% කටම ගැලපෙන බව සමාගම සඳහන් කරයි.

‘CEAT LYFMAX’ යනුවෙන් සන්නාමකරණය කර තිබෙන මෙම ටයරය දිගුකල් පවත්නා බව ඔප්පුකර තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ තිබෙන මේ ආකාරයෙන් බර ඇදීම සඳහා නමක් දිනාගෙන තිබෙන තවත් ජාත්‍යන්තර ටයර් සන්නාම දෙකක් සමග සංසන්දනය කිරීම මගිනි. සමාගම සඳහන් කරන්නේ මෙම සැසඳීමේදී ‘CEAT LYFMAX’ නව ටයරය වඩාත් කල්පවත්නා බව සනාථ වූ බවයි.

‘ශ‍්‍රී ලංකාවේ බස්රථ සහ ට‍්‍රක්රථ සඳහා වන Bias-ply ටයර් සඳහා තිබෙන වෙළඳපොළෙන් 63% ක කොටසක් සියැට් සන්නාමය විසින් මේ වනවිට අත්පත් කරගෙන සිටිනවා. නමුත්, මෙම ජයග‍්‍රහණයෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නෑ,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘ලොරි සහ ප‍්‍රයිම් මූවර් අංශයේ ගැනුම්කරුවන් සමහරෙක් ආනයනික Bias-ply ටයර් සන්නාමයන් භාවිත කරන බව අපි හඳුනාගෙන තිබෙනවා. එයට හේතුව වී තිබෙන්නේ මෙම ලොරිවල ප‍්‍රවාහනය කරන අධික බරයි. මෙම අංශය වෙනුවෙන් අපි විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිචාරය LYFMAX ටයරයයි.’

CEAT LYFMAX ටයරය සියැට් සමාගම සතුව ඉන්දියාවේ හලොල් හි, පිහිටි අති නවීන සැලසුම් නිර්මාණගාරයේ නිර්මාණය කර තිබෙන අතර වැඩිදුරටක් ධාවනය කිරීමට සහ කල්පවත්නා බව ආරක්ෂා කර ගැනීම සඳහා අමතර ශක්තිමත් කට්ට රටාවකින් සහ තවත් විශේෂාංග ගණනාවකින් සවිබල ගන්වා නිපදවා තිබේ.

t

o

p