මැතිවරණයට කෝටි දාහයි

July 10, 2020

මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත්වලින් ප්‍රචාරය කළ යුතුයි.

මැතිවරණයට රුපියල් කෝටි දාහක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොළට ගෙනඒම මාධ්‍ය සතු වගකීමක්. අදට වඩා මැතිවරණ නීති පිළිබඳ තව තවත් පුවත්පත්වලින් ජනතාව දැනුම්වත් කළ යුතුයි.

ඡන්ද දායකයන් ඡන්ද පොළින් ඈත් නොකර තබා ගැනීම මාධ්‍ය සතු වගකීමක්. ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි. හැබැයි ඒකාධිපතිවාදය මිල අඩුයි. ඒ දෙය මාධ්‍ය තේරුම් ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (9වැනිදා) දහවල් පැවති මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන කර්තෘවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

t

o

p