නව ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගැනේ

July 9, 2020

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 57 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකුට ආසන්න පිරිසක් පී සී ආර් පරීක්ෂණවලට ලක් කරනු ලැබූ අතර, එහි ප්‍රතිඵල අනුවයි මෙම ආසාදිත පිරිස වාර්තා වන්නේ.

එමෙන්ම අද උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගත්තා.
ඇය ද කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

t

o

p