එ.ජා.ප යේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ දී

July 9, 2020

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ දී එළි දැක්වේ.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් කියවීමට හැකි වන ආකාරයට සකස් කොට තිබීම විශේෂත්වයකි .


ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර සඳහා සුවිශේෂී වන එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කොට ජනතාව අතට පත් කිරීමට ද අපේක්ෂිතය.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව,ආර්ථිකය  හා නාගරික ආර්ථිකය මෙන්ම රැකියා බිහි කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ කරුණු එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරන කොටසට ඇතුලත් කිරීමට නියමිතය .


ශ්‍රී ලංකාවේ මැදි ආදායම් ලබන ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ පිළිබඳව වෙනමම ප්‍රකාශයක් මුද්‍රණය කර ජනතාවට ලබාදීමට ද අපේක්ෂිතය.

අංජුල මහික වීරරත්න

t

o

p