අපේ ආණ්ඩුවෙන් තෙල් මිළ අනිවාර්යෙන්ම අඩු කරනවා

July 8, 2020

අද වනවිට රට පුරාම වසංගතයෙන් පස්සේ ජනතාව ආර්ථික අතින් සම්පූර්ණයෙන්ම බිඳ වැටිල තියෙන්නෙ. කෝවිඩි වසංගතය නිසා ගෙවල්වල ඇඳිරි නීතියෙන් හිර වෙච්ච අපේ ජනතාවගේ අද ජීවන අවස්ථා නැති වෙලා තියෙනවා. ඒ අයට අද සාක්කුවේ සල්ලි නෑ. රැකියාව නෑ, ආණ්ඩුවේ රැකියාව කරන අයගේ වැටුප් කප්පාදු කරල.

අතිකාල දීමනා කප්පාදු කරල. විශ්‍රාම වැටුප කප්පාදු කරල. අපේ රජය විසින් ලබාදීපු වැටුප් වර්ධකය ජනවාරි මාසෙ ඉඳන් නවත්තල. විශ්‍රාම වැටුප් වර්ධකය ජනවාරි මාසෙ ඉඳන් නවත්තල. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවය කළ පිරිස් කිසිම හේතුවක් නැතිව එළියට දාල.

ස්වයං රැකියා කරපු මිනිස්සු අද ඔක්කොම පාරට වැටිල. හැම පැත්තකින්ම අපට ඇහෙන්නෙ බඩගින්න, වේදනාව. තමන්ගෙ දරුවන් ඉදිරියට ගෙනියන්න තියෙන නොහැකියාව.

මේ අස්සෙ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ මේ ආණ්ඩුව අද සම්පූර්ණයෙන්ම සහ ගහන බදු ගහල. තෙල් වලට, විදුලි බිලට, ජල බිලට බදු ගහල ජනතාව තලා පෙලා දමල තියෙනවා.

අපි බොහොම පැහැදිළිව කියනවා, අගෝස්තු 06 වෙනිදා අපිට රාජ්‍ය බලය ලැබුණු පසු මේ සහගහන තෙල් බදු අපි අඩු කරන බව බොහොම පැහැදිළිව කියනවා. මොකද අපි එහෙම කියන්නේ, එදා යහපාලන ආණ්ඩුව වෙලාවෙත් මම තමයි විදුලිබල හා බලශක්ති ඇමති විදියට හිටියෙ. අපි දවස් 12 ක් ඇතුළත ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් මිල අඩුකළා.

අපි අනිවාර්යෙන්ම රාජපක්ෂලගේ සහගහන තෙල් බදු අයින් කරනවා. ජල බිලට, විදුලි බිලට අනිවාර්යෙන්ම සහනයක් ලබාදෙනවා. ඒ වගේම කිසිම කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවකයාට අපේ ආණ්ඩුව ලබාදීපු වැටුප් වර්ධකය ලබාදෙනවා.

ඒ වගේම විශ්‍රාම වැටුප් වර්ධකය ලබාදෙනවා. ඒ වගේම කිසිම සේවකයෙක් සේවයෙන් පහකරල ගෙදර යවන්න දෙන්නෙ නෑ, ඒ අයව රජයෙන් නඩත්තු කරනවා.

කෝවිඩ් වසංගතය නිසා රැකියා අහිමිවෙච්ච, ආදායම් අවස්ථා අහිමිවෙච්ච සෑම පවුලකටම ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩනැගෙනකන් අපි අනිවාර්යෙන්ම රුපියල් 20,000 මාසික දීමනාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමා පොරොන්දු වෙච්ච ආකාරයට ලබාදෙන්න අපි කටයුතු කරනවා.

අපි අනිවාර්යෙන්ම, ගිය අවුරුද්දේ දෙසැම්බර් 1 වෙනිදා මේ රටේ ධන කුවේරයින්ට දීපු බදු සහන අයින් කරල මේ රටේ දුක් විඳින ජනතාවට, වැඩ කරන ජනතාවට සහන ලබාදීම සඳහා ඒ අරමුදල් අපි පාවිච්චි කරනවා.

එදා ඒ දීපු බදු සහනයෙන් තුනෙන් එකක් ආණ්ඩුවට ආදායම් අහිමිවුණා. ඒ වගේම මේ උද්ඝෝෂණ කරන සියලුම සහෝදරයින්ට අපේ ප්‍රණාමය පිරිනමනව. මේ රටේ දුක්විඳින ජනතාවගේ මේ පණිවිඩය ඉදිරියට ගෙනයාම වෙනුවෙන්.

පරාජයට පත්වෙච්ච 55 ලක්ෂය පමණක් නොවෙයි රැවටිච්ච 69 ලක්ෂයෙන් උවමනාව ඉදිරියට ගෙනියන්න, හැම තැනකම ස්වාධීනව, වැඩබිම්වල ඒ වගේම ගොවිබිම්වල, මහ මාවතේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට ඇවිල්ල සටන් කරන්න කියල සෑම කෙනෙකුටම පක්ෂ පාට භේදයකින් තොරව ආරාධනා කර සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටී.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, වැඩබිමේ අපි වෘත්තීය සමිනි නියෝජිතයින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට එක් වෙමිනි.

t

o

p