2020 මහ මැතිවරණය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිදහස ලබා වසර 72ක් පුරාවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයක් පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රසාදයක් නැහැ.
මුල්ම කාලයේ ජාතික රාජ්‍ය සභාව තුළ සිටි කීර්තිමත්, බහුශ්‍රැත මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් පසුව එවන් උගත් බුද්ධිමත් විනයගරුක, ප්‍රතිපත්ති ගරුක සහ රටට ආදරයක් ඇති මන්ත්‍රීවරුන් අපේ පාර්ලිමේන්තුවට පත්වූවේ නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක්.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ එවන් ගුණ නුවණ සහිත මන්ත්‍රවරුන් වඳවී යන සතුන්ගේ තත්ත්වයට පත් වුණා. අද පාර්ලිමේන්තුවේ සියලූ දෙනාම ගෙදර යැවිය යුතු බවට මහජනතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තැනට පාර්ලිමේන්තු නියෝජනය අබල දුබල වෙලා.
මූල්‍ය දූෂණ, පාතාලය, මත්ද්‍රව්‍ය, අධිකරණයට බලපෑම් කරන්නන්, ජාවාරම් කරුවන් ආදීන්ගෙන් පිරී පවතින බවට චෝදනා එල්ල වන පාර්ලිමේන්තුවට, මෙවර මහ මැතිවරණයෙන් ද තරඟ කරන බහුතරයක් එවන් චෝදනාවන්ට ලක් වූ හිටපු මන්ත්‍රීවරුන් බව පෙනනවා. රටට නොව තමන්ට ඇති පෞද්ගලික ලාභයන් උදෙසා එම දූෂිත පුද්ගලයන්ටම නැවත ඡන්දය ලබා දී එම කඩතොළු සහිත පුද්ගලයන් හෙවත් ‘කබ්බන්’ පාර්ලිමේන්තුවට යැවීමට ඔවුන්ගේ අනුගාමිකයන් මෙවරත් කටයුතු කරනු ඇත.
මහජනතාව බුද්ධියෙන් අඩුවන විට පාලකයන්ට ඔවුන්ව ’ඇන්දවීමට“ත් රට පාලනය කිරීමටත් පහසු වෙනවා. රටේ ජනතාවගේ උගත්කම සහ බුද්ධිමත්කම නොසලකා වයස 18 ට වැඩි සියලූ දෙනාටම සර්වජන චන්ද බලය ලබාදීම හේතුවෙන් රටේ පාලකයන් ලෙස පත්කරගත යුතු අය බුද්ධිමත් ලෙස තෝරා ගත නොහැකි වී ඇති බවට සමාජ මතයක් තිබෙනවා.
උගත්, බුද්ධිමත් පුද්ගලයෙකුගේ ඡන්දය බුද්ධිමත් නොවන, උගත් නොවන, පෞද්ගලික ලාභය තකන දේශපාලක හෙන්චයියෙකුගේ ඡන්දයෙන් නිශේධනය වෙනවා. අපේ රටේ බහුතර ඡන්ද දායකයන් බුද්ධිමත් අය නොවන නිසාවෙන් ඔවුන්ගේ හඬ යටපත්ව, දූෂිතයන්ම නැවත නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වීම වර්තමාන ඡන්ද ක්‍රම වේදය අනුව වළක්වන්නට බැහැ.
අපේ රටේ ඡන්ද දායකයන් “බුද්ධිමත්“ බව මේ දිනවල මෙම දේශපාලකයන් ජනතාව “මුරුංගා අත්තේ’ තැබීමට නිතර යොදන වදනක්. නමුත් අපේ ඡන්ද දායකයන් බහුතරයක් බුද්ධිය අතින් ඉතාම අඩු පිරිසක් බව පසුගිය වසර 72 පුරාවටම ඔප්පු කර තිබෙනවා.
ඇත්තෙන්ම බුද්ධිය යනු කුමක් ද? කියලාවත් බොහෝ දෙනා නිවැරදිව දන්නේ නැහැ.
පසුගිය මාස කිහිපය පුරාවට කොරෝනා භීතිය නිසාවෙන්ම බොහෝ දෙනාට නිවෙස්වලටම වී සිටීමට සිදුවුණා. තොරතුරු ලබාගැනීමට තිබුණ ප්‍රධාන මාර්ගය වූයේ විද්‍යුත් මාධ්‍යයයි. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින්ම පුද්ගල සබඳතා ඇති කරගැනීමට තිබුණු එකමඟක් තමා මුහුණු පොත. විද්‍යුත් මාධ්‍යයන් නිර්ලජ්ජී විදියට මෙම ව්‍යසනකාරී අවස්ථාව ඔවුන්ගේ නාළිකාවන් සහ පුද්ගල චරිත ප්‍රවර්ධනයට යොදා ගත්තා. ඒ වගේම විද්‍යාත්මක නොවන කරුණු, මරණ බියෙන් පෙළෙන මහජනයා අතර පතුරුවා හැරීමට කටයුතු කළා.
එසේම උගත් යැයි සම්මත, අපේ රටේ වග කිවයුතු තනතුරු දරණ පුද්ගලයන් පවා විවිධ ප්‍රකාශයන් වගකීම් විරහිත ලෙස ජනගත කළා. ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අවස්ථාව එම මාධ්‍යයන් මගින් ලබාදීමක් කරන්නේ නැහැ. නමුත් මුහුණු පොතින් නම් ඒවා පිළිබඳව යම් කතිකාවක් කරන්න පුළුවන් වුණා.
පසුගිය මාස දෙක තුන ඇතුළත මා හට ඇති වුණ ගැටළු කිහිපයක්ම මම මුහුණු පොතේ සටහන් කළා. ඒ එම කරුණු පිළිබඳව හරවත් සංවාදයක් බලාපොරොත්තුවෙන්. එසේ මට ඇති වුණු ගැටළු මේවායි,
■ කෝවිඞ් 19 රෝගයේ ප්‍රජා ව්‍යාප්ති අවස්ථාවේ පැළඳිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියන මුඛ ආවරණ ජන මාධ්‍ය මගින් රෝගයේ මුල් අවස්ථාවේදීම මහජනයා භාවිතා කළ යුතු බවට දැඩි මතයක් ප්‍රවර්ධනය කළේ ඇයි?
■ සිය පෞද්ගලික වාහනය තුළ ගමන් ගන්නා තනි පුද්ගලයා පවා මුඛ ආවරණ පැළඳිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොව පොලීසියෙන් නියෝග කළේ කෙසේද?
■ මුඛ ආවරණ පැළඳ මීටරයක් ඈතින් ඉන්නේ ඇයි?
■ පෝලිමේ මීටරයක් ඈතින් ඉඳ බස් එකේ එකි’නෙකා ඇඟේ ගෑවෙමින් යන්න ඉඩ දුන්නේ ඇයි?
■ මිනිසුන්ට පාලනයක් නොමැතිව ඒකරාශි වීමට ඉඩ කඩ ලබාදී, රෝගය එමගින් ආසාදනය වුවහොත් පමණක් නඩු පැවරීමේ “නිරෝධායන නීතිය“ දේශපාලකයන්ට පමණක් අදාළ වන්නේද?
■ අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා නොදී තිබිය දී මැතිවරණ කොමිසම ඡන්දයට කටයුතු සූදානම් නොකළේ මන්ද?
■ මුලින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “කොළ එළියක්“ ඉල්ලා සිටී සිටි මැතිවරණ කොමිසම එය ලබා දුන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද ඉල්ලා සිටියේ ඇයි?
■ නේපාලය සහ බංග්ලාදේශය වැනි සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපනය අතින් අපට වඩා පහත දර්ශක ඇති රටවල් වලට පවා වෛද්‍ය උපාධිය ලබා දීම පිණිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට හැකි නම් සහ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ද විශාල ප්‍රමාණයක් අධික මුදලක් ගෙවා මෙම රට වලින් වෛද්‍ය උපාධිය ලබා ගන්නේ නම් එම පහසුකම මෙරට තුළම ඇති කළ නොහැක්කේ මන්ද?
මේ ආදී ගැටළු සහ අදහස් කිහිපයක්ම මම මුහුණු පොතට යොමු කළා. විශාල පිරිසක් ඒ සඳහා විවිධාකාර ප්‍රතිචාර දක්වා තිබුණා.
මුහුණු පොතේ ඇත්තේ ද අපගේ සමාජයේ හරස්කඩක් වන නිසා පොදුවේ එම ප්‍රතිචාර පිළිබඳව විශ්ලේෂණයක් කළහොත් අපේ රටේ පුද්ගලයන් ගැටළු හමුවේ දක්වන ප්‍රතිචාර කෙතරම් සාධනීය ද යන්න පිළිබඳව අදහසක් ලබා ගත හැකි වනවා. බොහෝ කෙනෙකුට යම් ප්‍රස්තුතයක් පිළිබඳව තර්කානුකූලව ගැටළුව ග්‍රහණය කොටගෙන සාධනීය ප්‍රතිචාර දැක්වීමේ අපහසුතාවය එමඟින් පැහැදිලිව දර්ශනය වුණා. නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි උගත් අය පවා මේ සම්බන්ධව තර්කානුකූලව සහ විශ්ලේෂණාත්මකව සාධනීය කරුණු දැක්වීමට අපොහොසත් වූ බව පැහැදිලි වුණා. යම් පුද්ගලයෙකුට යම් කිසි කරුණක් පිළිබඳ පෞද්ගලික මතයක් තියෙනවා. නමුත් එය සමාජ ගත කිරීමට නම් ඒ සඳහා වන සාධනීය සහ තර්කානුකූල කරුණු ද ඉදිරිපත් කළ යුතුයි. බොහෝ දෙනකුට තමන්ගේ එම මතවාදයන් ඒත්තු යන අයුරින් තර්කානුකූලව කරුණු දැක්වීමේ හැකියාව නැහැ. එක්කෝ ඔවුන් අදාළ ප්‍රස්තුතයට අදාළ නොවන වෙනත් කරුණු දිගින් දිගට ම දක්වා සිටිනවා මිසක මූලික ගැටළුවට අදාළව කිසිදු පිළිතුරක් දෙන්නේ නැහැ. නොඑසේ නම් කිසිදු පදනමක් නොමැතිව ගැටළුව යොමු කළ පුද්ගලයාට එරෙහිව පෞද්ගලිකව මඩ ගහනවා. අදාළ ගැටළුව තේරුම් ගැනීමට පවා නොහැකි, සමහර බුද්ධියෙන් ඉතා අඩු අය පවා අර ගැටළුව යොමු කළ පුද්ගලයා උගතෙකු වුවත් තමන් තරම් බුද්ධිමතෙකු නොවන බවට ‘උදාන වාක්‍යයක්’ ඉදිරිපත් කරනවා. එය එසේ වන්නේ එම එක් එක් පුද්ගලයා තමන් උගත් යැයි පෙන්වීමට තරම් අධ්‍යාපන සහතික නොවුවද, උගත් අයට වඩා තමා “බුද්ධිමත්“ යන මතයේ සිටිනා නිසයි. නමුත් එසේ කතා කරන බොහෝ දෙනා උගත් කම සහ බුද්ධිමත් බව යනු කුමක් ද? යනුවෙන් ප්‍රශ්න කළ විට ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලබාදීමට ද නොහැකි වූ බවද මට පෙනී ගියා.
ඇත්තෙන්ම උගත්කම සහ බුද්ධිය අතර ඇත්තේ කවර ආකාරයේ සබඳතාවක් ද? උගත්කම සහ බුද්ධිය යනු ප්‍රපංචන් දෙකක් ද? බුද්ධිය වර්ධනය කරගත හැකි ද? යන්න පිළිබඳව කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම කාලෝචිත වන බව මේ නිසාවෙන්ම මට සිතුණා.
කුඩා අවධියේ මොළයේ සිදුවන සංවර්ධනය
උපතේ දී මොළයේ ආබාධ කිසිවක් නොමැතිව ඉපදුණේ නම් සෑම පුද්ගලයෙකුගේම මොළයේ සංවර්ධන අවස්ථාවන් එක හා සමානව වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. ළදරු අවස්ථාවේ දී භාෂාව, කථනය, සිරිත් විරිත්, ආගම, සංස්කෘතිය වැනි දේවල් පුරුදු පුහුණු කිරීම මඟින් මොළයේ සංවර්ධනය ඇති කෙරෙනවා. නිරතුරුව ම එම පුරුදු පුහුණු අනුගමනය කිරීමෙන් මොළය තුළ ඒ සඳහා ස්ථාවර ස්නායු පථයන් ඇති වෙනවා. ඒ හේතුවෙන් අනාගතයේදීත් එම පුරුදු අනුගමනය කිරීමට පුද්ගලයන් නිරායාසයෙන්ම පෙළඹෙනවා. ඉන් පසු පාසල් අවධියේ දී දරුවාට අවශ්‍ය දැනුම ද ලබා දෙනවා. ලබා ගන්නා දැනුම ඒ අයුරින්ම මතකයේ තබාගෙන අපගේ රටේ පැවැත්වෙන ආකාරයේ සියළු විභාග වලින් සමත් වීමේ හැකියාව ද තිබෙනවා. මක්නිසා ද යත් අපේ රටේ බොහෝ විභාගවල දී මනිනු ලබන්නේ මතක තබා ගැනීමේ හැකියාව පමණක් වන නිසයි. එවිට සිදුවන්නේ ඔවුන්ට පොතපත දැනුම පමණක් ලැබෙනු මිස එම දැනුම සාධනීය ලෙස යොදා ගැනීමේ හැකියාවක් නොමැති වීමයි. වර්තමානයේ බොහෝ දෙනා විභාග සමත් වීමේ අරමුණින් පමණක් නිරතුරුවම දැනුම ලබා ගෙන කටපාඩම් කොට මේ විභාග සමත් වීමට උත්සාහ දරන්නේ සහතික පත්‍ර පමණක් පරීක්ෂා කිරීමෙන් වගකිව යුතු ස්ථානවල රැකියා ලබාදීම සිදුකරන නිසයි. උගත්කමට රැකියාවක් මිස බුද්ධිමත් කමට නිසි තැනක් නොතිබීම හේතුවෙන් අප රට ඉදිරියට යෑම බොහෝ ප්‍රමාදව තිබෙනවා.
බුද්ධිය යනු කුමක් ද
ඉතා සරලව කියනවා නම් බුද්ධිය යනු විධිමත් සහ නොවිධිමත් අධ්‍යාපනය මගින් ලබා ගන්නා දැනුම, අත්දැකීම් සහ අවබෝධයෙන් ලබා ගන්නා දැනුම සහ එම දැනුම උපයෝගී කරගෙන තාර්කිකව යම් ගැටළුවකට සාධනීය පිළිතුරක් ලබාදීමේ හැකියාවයි .
එනම් මෙහි දී තමන් විසින් ලබාගන්නා ලද සියළු ආකාරයේ දැනුම උපයෝගී කරගෙන යම් ප්‍රස්තුතයක් වෙත තාර්කිකව සිතා බලා තීරණයන්ට එළඹීම හෝ අනාගතයේ දී සිදුවිය හැකියි හැකි දේ නිවරදිව උපකල්පනය කිරීම මෙහි දී බුද්ධිය යනුවෙන් හඳුන්වනවා.
මතකය අතින් ගත හොත් පරිගණකයන් මිනිසාට සාපේක්ෂව මතකය අතින් ඉතා ඉහළින් තිබෙනවා. ලෝකයේ සිටින උගත්ම පුද්ගලයාටත් වඩා තොරතුරු දත්තයන් එහි ගබඩා කොට තබාගෙන ලොව ඕනෑම මිනිසෙකුට වඩා ක්ෂණික ව ඒවා ආවර්ජනය කිරීමේ හැකියාව පරිගණක වලට තිබෙනවා. නමුත් ඒවා උපයෝගී කරගෙන, තාර්කිකව සහ තම සමාජයට, අවස්ථාවට, ආර්ථිකයට, සංස්කෘතියට සහ ප්‍රායෝගික ව ගැළපෙන පරිදි තීරණ ගැනීමේ හැකියාවක්, එනම් “බුද්ධියක්“ පරිගණක ආශ්‍රිත “කෘත්‍රිම“^Artificial Intelligence& බුද්ධියේ දක්නට ලැබෙන්නේ නැහැ.
බුද්ධිය, ස්ඵටික බුද්ධිය ^crystallized intelligence& සහ ද්‍රාව්‍ය බුද්ධිය ^fluid intelligence& ලෙස කොටස් දෙකකට බෙදනවා ස්ඵටික බුද්ධිය යනු ඉගෙනීම මගින් ලබාගන්නා දැනුමයි. එය විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනය මගින් එකතු කර ගන්නා දැනුම මත පදනම් වනවා, උදාහරණයක් ලෙස කාලගුණය සහ දේශගුණය අතර වෙනස කුමක්ද? බැංකු පොලිය යනු කවරේ ද? කෑමට පෙර අත් සෝදා ගත යුත්තේ ඇයි? වැනි ගැටළු සඳහා පිළිතුරු අපි දෙන්නේ මෙම ස්ඵටික බුද්ධිය මගිනි.
ද්‍රාවිය බුද්ධිය යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ නුවණ මෙහෙයවා ගැටළුවට පිළිතුරු සෙවීමයි. උදාහරණයක් ලෙස බොහෝ බුද්ධි පරීක්ෂණ වලදී, මුල් අංක කිහිපයක් ලබා දී ඊළඟට එන අංකය හෝ යම් හැඩතල කිහිපයක් ලබා දී ඊළඟට එම රටාවේ පැමිණිය යුතු හැඩ තලය කුමක් ද යන්න සෙවීමට ලබා දෙන ගැටළු දැක්විය හැකියි. මෙහිදී ඉගෙන ගත් දේ මතකය මගින් ප්‍රකාශ කරන ස්පඨික බුද්ධික අවස්ථාවේදී මොළයේ වම් පස ඉදිරි කොටස වැඩියෙන් ක්‍රියාත්මක වන බවත්, ද්‍රාව්‍ය බුද්ධියට අනුව නිර්මාණාත්මකව යමක් හිතන විට මොළයේ එම කොටසට අමතරව තවත් ස්නායු ජාල පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබෙනවා.
බුද්ධිය මැන බැලිය හැකිද? ^I’Q&
මැනීම සඳහා නිර්නායකයන් සහ ක්‍රමවේදයන් විසි වෙනි ශත වර්ෂයේ මුල් භාගයේ සිට මේ දක්වා වර්ධනය කොට තිබෙනවා. සමහර බුද්ධි පරීක්ෂණ දැනුම මත වන ස්පඨික බුද්ධිය පරික්ෂා කරන අතර වැඩිපුරම භාවිතා කරන්නේ නුවණ මත තීරණය වන ද්‍රාව්‍ය බුද්ධියයි. මෙම බුද්ධි පරීක්ෂණ මුල් වරට හඳුන්වා දුන්නේ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයකු වූ ඇල්ෆ්‍රඞ් බයිනෙට් (Alfred Binet& සහ ඔහුගේ සහයක තියඩෝර් සයිමන් ^Theodore Simon& විසින් ක්‍රිස්තු වර්ෂ 1900 දී පමණ ප්‍රංශ රජය විසින් එහි සියලූම දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කළා. එහි දී එම දරුවන් ගෙන් විශේෂ අවධානය යොමු කොට අධ්‍යාපනය ලබාදිය යුතු අය වෙන් කොට හඳුනා ගැනීම සඳහා යම් පරීක්ෂණයක් සකසන ලෙස භාර දෙන ලද්දේ ඇල්ෆ්‍රඞ් බයිනෙට් වෙතටයි. ඒ අනුව ඔවුන් දෙදෙනා එකතුව සාදන ලද ක්‍රමවේදය මේ දක්වා යම් යම් වෙනස්කම් වලට භාජනය වී ලෝකයේ භාවිතා වෙනවා.
1916 දී ඇමෙරිකාවේ සන්ෆොර්ඞ් (Stanford& විශ්ව විද්යාලයේ මනෝ විද්‍යාඥ ලූවිස් ටර්මන් ^Lewis Terman& විසින් මෙම සංකල්පය තවත් දියුණු කර ඇමරිකාවේ භාවිතයට ගනු ලැබුවා. ඒ අනුව පුද්ගලයෙකුගේ බුද්ධිඵලය – මානසික වයස/සත්‍ය වයස×100 ලෙස දක්වනු ලබනවා. එනම් යම් කිසි පුද්ගලයකුගේ සත්‍ය වයසට සමානව ඔහුගේ මානසික වයසත් වර්ධනය වී තිබේ නම් බුද්ධි ඵලය 100 ලෙස දක්වනවා. යම්කිසි කෙනෙකුගේ බුද්ධි ඵලය 100ට වඩා වැඩි නම් ඔහු බුද්ධිමත් සහ නැණවත් බවට තීරණය වනවා.
1917 දී ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන රොබට් යර්ක්ස් ^Robert Yerkes& විසින් මෙම බුද්ධි ඵලය ^Intelligence quotient (I’Q& මැනීම සඳහා ආමි ඇල්පා ^Army alpha& සහ ආමි බීටා (Army Beta& ලෙස ක්‍රම දෙකක් සකස් කරනු ලැබුවා ඒ පළමු ලෝක යුද්ධ සංග්‍රාමය සඳහා ඇමරිකාවේ හමුදාවට බඳවා ගනු ලබන පුද්ගලයන්ට පවරනු ලබන කාර්යය මැනවින් කළ හැකි බුද්ධියක් තිබෙනවා ද යන්න තෝරා බේරා ගැනීමටයි. ඒ ඒ බුද්ධි මට්ටමට අදාළ වගකීම් පැවරීම සඳහායි. ඇල්පා පරීක්ෂණයේදී ලිඛිත ප්‍රශ්න යොමු කළ අතර බීටා පරීක්ෂණයේදී ඉදිරිපත් කරන ලද්දේ පින්තූරයි, ඒ ඉංග්‍රීසි භාෂාව නොදන්නා හෝ කතා නොකරන පුද්ගලයන් සඳහායි. මෙම පරීක්ෂණය මේ වන තුරුත් ඇමරිකානු හමුදාවට බඳවා ගන්නා විට මෙන් ම විදෙස් පුද්ගලයන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දීමේදීත් භාවිතා කරනවා.
බුද්ධි ඵලය තීරණය වන්නේ ජාන වලින්
බුද්ධි ඵලය බොහෝ විට තීරණය වන්නේ දෙමාපියන්ගෙන් උරුම වන ජාන වලින් බවට විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබෙනවා. එම නිසා තමා වෙනස් ජාතීන් අතර විවාහ වලදි ලැබෙන දරුවන් වඩාත් බුද්ධිමත් බව සැලකෙන්නේ. යම් ප්‍රස්තුතයක් එක් පුද්ගලයෙක් ක්ෂණිකව වටහා ගන්නා අතර තවත් පුද්ගලයකුට එය වටහා ගැනීමට සෑහෙන ආයාසයක් දරන්නට සිදුවෙන බවත් සමහර අයට එය කෙසේවත් අවබෝධ කරගැනීමට නොහැකි අවස්ථා ඇති බවත් ඔබ අත්දැකීමෙන් දන්නවා. මෙන්න මෙය තමා එක එක පුද්ගලයාගේ බුද්ධිය මත තීරණය වන්නේ.
බුද්ධි ඵලය මනිනු ලබන්නේ වයසට සාපේක්ෂව වීම හේතුවෙන් එම ඵලය සාමාන්‍ය පුද්ගලයකු ගේ ජීවිත කාලය පුරාම ආසන්න වශයෙන් නොවෙනස්ව පවතිනවා.
නිරතුරු පුහුණුව සහ දැනීම ලබා ගැනීම මගින් තරමක් දුරට එම බුද්ධිය වැඩි කර ගැනීමේ හැකියාව තිබෙන බව සොයාගෙන තිබෙනවා. නමුත් එක් සීමාවකට පසුව එය තව දුරටත් දියුණු කර ගැනීමට නොහැකි වන්නේ පෙර කී ජාන වල බලපෑම නිසයි. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් ආශ්‍රිතව කළ පරීක්ෂණවලදී සොයාගෙන තිබෙන්නේ මෙම බුද්ධි ඵලය තීරණය වීමේදී, ජාතිය, වර්ගය, රටේ ඒක පුද්ගල අධ්‍යාපන වියදම්, ඒක පුද්ගල ආදායම ආදී කිසිවක් බලපාන්නේ නැති බවයි. ජාන වලට අමතරව බලපාන එකම සාධකය ලෙස සොයාගෙන ඇත්තේ මේ එක් එක් රටවල බලපාන දේශ ගුණයයි. සිසිල් දේශගුණයක් ඇති රටවල බුද්ධි ඵලය තරමක් ඉහළ බව නිරීක්‍ෂණ අධ්‍යයන මගින් සොයා ගෙන තිබෙනවා.
ලෝක බුද්ධි දර්ශකයේ අපි කොතන ද?
ලෝකයේ රටවල් වල පුද්ගලයන්ගේ සාමාන්‍ය බුද්ධි ඵලය මැන බලා සටහන් කොට ඇති ලෝක දර්ශකයන් තිබෙනවා. 2020 ලෝක බුද්ධි ඵල දර්ශකය අනුව බුද්ධි ඵලය ^I’Q& ඉහළින්ම ඇති රටවල් වන්නේ සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍යයයි. එහි සාමාන්‍ය බුද්ධි ඵලය 108ක් ලෙස සටහන් වනවා. සාමාන්‍ය බුද්ධි ඵලය 100 හෝ ඊට වඩා වැඩි රටවල් ඇත්තේ 15ක් පමණයි. ලෝකයේ අඩුම බුද්ධි ඵලයක් ඇති රට ලෙස සැලකෙන්නේ සමක ගිනියාවයි ^Equatorial Guinea). එහි බුද්ධි ඵලය දැක්වෙන්නේ 59ක් ලෙසයි. අපේ රටේ බුද්ධි ඵලය ලෙස දැක්වෙන්නේ 79 යි.
වෙනත් අයුරකින් කියනවා නම් අපේ රටේ සාමාන්‍ය වයස අවුරුදු 30 ක පුද්ගලයෙකුගේ මානසික වයස වන්නේ අවුරුදු 23.7ක් බවයි. ඒ අනුව ගත් කල “හෙළ සින්ඩ්‍රෝමය“ වැළඳී, ලෝකයේ බුද්ධිමත්ම ජාතිය, දක්ෂතම ජාතිය, පිරිසිදු උසස් ජාන ඇති ජාතිය ලෝකයේ හොඳම දේශීය ප්‍රතිකාර ඇති රට වශයෙන් උදම් අනන අය, මුහුණු පොත ආදියෙහි තමන් ඉතා බුද්ධිමත් යැයි සිතා ගෙන සටහන් යොදන පුද්ගලයන් මෙන්ම, රටේ පාලකයන් පත්කර ගැනීමට ඡන්දය භාවිතා කරන සියළුම දෙනා කටයුතු කරන්නේ, තම තමන්ගේ බුද්ධි ඵලය මත බව පැහැදියි. ඒ නිසාවෙන් එක් අතෙකින් ඒවායේ ප්‍රතිඵල ගැන පුදුම විය යුත්තක් ද නැති බවයි පෙනෙන්නේ.
අන්තර් ජාලයේ ඇති බුද්ධි ඵලය මනිනු ලබන පරීක්ෂණයකින් ඔබගේ බුද්ධිය පරීක්ෂා කොට තමන් පිළිබඳ නිවැරදි තක්සේරුවකට පැමිණ තව දුරටත් දියුණු කළ හැකි ප්‍රමාණයට හෝ සිය බුද්ධිය වර්ධනය කර ගැනීම බුද්ධි ඵලය සියයට වඩා අඩු අයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයක් බව යෝජනා කරන්න කැමතියි.
ලෝකයේ බුද්ධිඵල දර්ශකයේ වැදගත් රටවල් කිහිපයක්
රට බුද්ධි ඵලය
සිංගප්පූරුව 108
හොංකොං 108
දකුණු කොරියාව 106
ජපානය 105
චීනය 105
තායිවානය 104
ඉතාලිය 102
ස්විට්සර්ලන්තය 101
මොංගෝලියාව 101
අයිස්ලන්තය 101
එංගලන්තය 100
නෝර්වේ 100
නෙදර්ලන්තය 100
ලක්ශෙම්බර්ග් 100
ඔස්ටි්‍රයාව 100
රුසියාව 97
මැලේසියාව 92
තායිලන්තය 91
තුර්කිය 90
ඉරාකය 87
ඉන්දුනීසියාව 87
මියන්මාරය 87
පිලිපීනය 86
කුවේටය 86
උගන්ඩාව 84
සෞදි අරාබිය 84
පාකිස්තානය 84
ඉරානය 84
සිම්බාබ්වේ 82
බංගලි දේශය 82
ඉන්දියාව 82
මාල දිවයින 81
භූතානය 80
ශ්‍රී ලංකාව 79
නේපාලය 78
මේ තත්ත්වය යටතේ දියවන්නාව නැවත කබ්බන්ගෙන්ම පිරවීමට පෙරම ඔබගේ බුද්ධි ඵලය හැකිතාක් තිරිහන් කරගැනීමේ වගකීම ඔබ වෙතම පැවරෙනවා.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
MBBS (PERADENIYA)
LL.B (OUSL)
CER PSYCHOLOGY AND COUNSELING
වෛද්‍ය නිලධාරී
ජාතික රෝහල මහනුවර