කොළඹ ප‍්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

June 27, 2020

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ අද (27) රාත‍්‍රී 10 සිට හෙට (28) පස්වරු හතර දක්වා. කොළඹ 13,14 සහ 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්. කොළඹ 01,11 සහ 12 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමටයි නියමිත.

මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරිමයි ජල කප්පාදුවට හේතුව.

t

o

p