කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ඉන්දියාවට

June 27, 2020

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ඉන්දියාවට ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පෙන්වා දෙන්නේ කොළඹ වරායේ ජයබහලු පර්යන්තයට ගෙන්වන ලද නව දොඹකර ඊට ඇතුළු නොකර නැගෙනහිර පර්යන්තයට ඇතුළු කිරීමට සැරසෙන්නේ එම හේතුව නිසා බවයි.

මෙම පර්යන්තය ඉන්දියාවට ලබා දෙන සඳහා ඉන්දියාව විසින් බලපෑම් කරමින් ඇති බවත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට යන්නේ ඩොලර් මිලියන අසූවක පමණක් බවත් ඔහු සඳහන් කරයි.

t

o

p