සුනඛයන් ඇති කිරීමේ කලාව ඉගෙන ගනිමු

June 27, 2020

සත්ව හිමිකම් සහ සුභසාධනය නූතන ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.එහෙත්,සියළු සත්වයෝ සුවපත් වේවා! ‍යන්න ආගමික පරමාදර්ශයක් ලෙස සලකන අප රටේ බොහෝ දෙනෙක් සත්ව හිමිකම් සහ සුභසාධනය යනු කුමක්ද?

කියාවත්  නොදනිති.මානව කේන්ද්‍රීය පෘථිවි තලයේ මිනිසාට සමීපතම සත්වයා සුනඛයාය.එහෙත්,ඒ සමීපත්වය මුල් කොට යෙදී ඇති ඇතැම් කරුණු නිසා මිනිසුන් විසින්  තම  වර්ගයාගේ ප්‍රමිතියේ බාල බව ඇඟවීම පිණිස “බලු” ‍යන වදන යොදති. එහෙත් මිනිස්-සුනඛ සමීපත්වය සහ මිනිසාට සුනඛයන් ගෙන් ඇති ප්‍රයෝජන පිළිබඳව විමසා බලන විට එකක් පැහැදිලිවම කිව හැක.එනම් ඇතැම් මිනිසුන් මිස සුනඛයන් කිසි විටෙක “බලු” නොවන බවකි. 

සුනඛයකු ඇති කිරීමේ ‍පොදු වාසි


සුනඛයකු ඇති දැඩි කිරීමෙන් සතුට, විනෝදය, කාන්සිය මගහැරවීම, නිවසට ආරක්ෂාව සැලසීම, ආදී බොහෝ අයට දැනෙන හැඟෙන යහපතට අමතරව නොදැනුවත්ව අත්පත් වන තවත් වාසි ද රාශියකි.


මානසික ආතතියෙන් පෙළෙන්නන්ට සුනඛ ඇසුර මගින් ඉතා යහපත් මානසික සුවසහනයක් ඇතිකරවන්නක් බව මේ වන විට සොයා ගෙන තිබේ. කුඩා දරුවන් සිටින නිවෙස්වල කුඩා දරුවන්ගේ පෞරුෂ කුසලතා වර්ධනයට මෙන්ම, ශාරීරික වර්ධනයට ද සුනඛයාගෙන් ලැබෙන දායකත්වය අති මහත්ය. නායකත්ව පුහුණුව දරුවකුගේ මානසික සංවර්ධනයත් සමග කමෛන් රෝපණය විය යුත්තකි.

කුඩා දරුවන්ට තම නිවසේ වෙසෙන සුනඛයා මුල්කොට ඇති කර ගන්නා නායකත්ව අභිමානය දරුවාගේ පෞරුෂ වර්ධනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරවන බව විද්යාාත්මකව සනාථ වී තිබේ. එමෙන්ම තමන් ඇසුරේ සිටින සුනඛයාට දැනෙන සතුට, දුක, වේදනාව කුසගින්න ආදී හැඟීම් දැනීම් හඳුනා ගැනීමේ පළපුරුද්ද මත කරුණාව දයාව අනුකම්පාව වැනි භාවමය ගුණාංග දරුවන් තුළ වර්ධනය වෙයි. මෙමගින්ද දරුවාගේ මානසික යහපැවැත්මට මහා පිටිවහලක් ලැබේ.

සුනඛයා සහ පවු‍ලේ සාමය

සුනඛයා යනු පවු‍ලේ සාමාජිකයෙක් නොවේ.

නමුදු නිවසේ වැඩෙන සුනඛයා සඳහා නිවස තුළ පවුල ආශ්‍රිතව වෙනමම භූමිකාවක් නිර්මාණය වෙයි

සුනඛයා සඳහා පවුල තුළ නිර්මාණය වන මෙම විශේෂ භූමිකාව මත පවු‍ලේ සාමාජිකයන්ගේ මානසික හුදකලාවීම් බොහෝ දුරට මඟහැරී යන බව තහවුරු වී තිබේ. ඒ අනුව පවු‍ලේ සාමාජිකයන් අතර ඇතිවන මත ගැටුම්, අමනාපකම්, සිත් බිඳීම් ආදිය අමතක කර දමමින් පවුලක් එකමුතු කරවන්නට ඉදිරිපත්වන ‍පොදු අතරමැදියා බවට පත්වන සුනඛයා පවු‍ලේ සාම දූතයා වන අවස්ථා ද කොතෙකුත් තිබේ.

මේ සම්බන්ධයෙන් ලොව පුරා සිදු කෙරුණු විවිධ පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ සුනඛයකු ඇති කිරීම පවු‍ලේ සාමය ස්ථාපිත වීම කෙරෙහි ද සෘජුවම බලපාන බවකි.

මේ සම්බන්ධයෙන් බටහිර රටවල සිදුකරන ලද සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ මඟින් මිනිසාගේ බුද්ධි පරිනාමයත් සමඟ සුනඛ අගය ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන බව අනාවරණය වී තිබේ.අප රටේ වුව ගෘහස්ථ සුනඛයන් ගේ මරණ මුල් කොට අවමංගල්‍යයන් පවා සංවිධානය කිරීම් ගැන අසන්නට තිබේ.

සුනඛයෙකු තෝරා ගැනීමේ දී සිතිය යුතු කරුණු


ඈත අතීතයේ පටන් මිනිසා සමග පවත්නා ස්වභාවික ලෙන්ගතු බව නිසාදෝ අදටත් සුනඛයෙකු ඇති දැඩි කිරීමට ආසාකරන පිරිස්හි අඩුවක් දක්නට නැත. මේ නිසාම අද වන විට බිහිවී ඇති සුනඛ ප්රිභේද අතුරින් තමන් බොහෝ සේ ඇළුම් කරන සුනඛයෙකු තෝරා ගැනීමට ඒ අය පෙළඹෙති. ඒ සමහර විට සුනඛයෙකුගේ බාහිර ස්වරූපය පිළිබඳව පමණක් සැලකිලිමත් වීමෙනි.
එහෙත්, සුනඛයෙකු තෝරා ගැනීම එසේ තමන්ගේ සිත් ගත් සුනඛයකු පිළිබඳව සිතීමෙන් පමණක් තීරණය කළ යුතු නැත. එහිදී අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයක් ඇති බව සිහිපත් කළ යුතු වේ.

පවු‍ලේ සියල්ලන්ගේම එකඟත්වය


සුනඛයෙකු හදා වඩා ගැනීම පවුලට එකතු වන අතිරේක සේම සාමුහික වගකීමකි. මෙම වගකීම දැරීමට පවු‍ලේ සියලු දෙනාම එකසේ එකඟවීම අවශ්යඑ වේ. සුනඛයාගේ දිවි ඇති තෙක් යහපත් ජීවිතයක් ලබා දීම එම පවු‍ලේ වගකීමය.

සතාට අවශ්‍ය ආහාරපාන, ව්යා යාම, සනීපාරක්ෂාව, රෝග නිවාරණයට අවශ්යග ප්‍රතිකාර හා එන්නත්, මෙන්ම සුනඛයාගේ විවේකයට විනෝදයට අවස්ථාව ලබාදෙමින් හා ක්‍රියාකාරකම් කරගෙන යාමට ඉඩ ලබා දෙමින් සතාට සුවදායී දිවි පෙවතක් උරුම කර දීමට පවු‍ලේ සියලු දෙනාම බැඳී සිටිය යුතුය.

මෙහිදී පවු‍ලේ සාමාජිකයන් සියලු දෙනාගේ එකඟත්වයකින් තොරව එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ ආසාව මත පමණක් හදා වඩා ගැනීම අරඹන සුනඛයෙකුට පෙරකී සුවදායී දිවිපෙවත උරුම නොවී යාමට ඉඩ තිබේ.

සමාජයීය වගකීම


ලොව දියුණු රටවල දැඩි අවධානයට ලක්වන මෙය කෙරෙහි අප රටේ බොහෝ දෙනකු තුළ ඇත්තේ අල්ප අවධානයකි.


තමන් යටතේ ඇති දැඩිවන සුනඛයා නිසා අසල්වැසියන්ට හෝ වට පිටාවට කුමන ආකාරයකින් කරදරයක්, හානියක් හෝ බාධාවක් සිදු නොවීමට වග බලා ගැනීම ද අත්‍යවශයකයෙන්ම සිදුවිය යුත්තකි. ලොව දියුණු රටවල නම් මේ හා සම්බන්ධ විධිමත් නීති හා පනත් සම්පාදනය වී ඇතත් එවැන්නක් අප රටේ පෙනෙන තෙක් මානයකවත් නැත.

ජීවත් වන සමාජ සහ පාරිසරික පසුබිම


සුනඛයන්ගේ පැවතුම් සහ හැසිරීම් රටාව තමන් ජීවත් වන පරිසරයට අනුව සැකසේ. එමෙන්ම තමන්ට අවශ්යහ අන්දමින් සුනඛයා හසුරුවා ගැනීම ද හාම්පුතුන් සතු වගකීමකි. එසේ නොමැති වුවහොත් ඔබ ලබා ගන්නා සුනඛයා නිදැල්ලේ හැසිරෙන (Free ranging) සතකු බවට පත් වනු ඇත.අප රටේ සුනඛයන් සම්බන්ධ ගැටළු බොහොමයකට ඔවුනට නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම හේතු වී ඇති බව පෙනේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව  මෙය අර්බුදකාරී තත්වයකට පත් වීමට එම සුනඛ හිමිකරුවන් ගේ ක්‍රියා කලාපයන් ද හේතු වන බව කිව යුතුය.

පවු‍ලේ ආර්ථික පසුබිම

මිල අධික වර්ගයක සුනඛයකු හදා වඩා ගැනීම සම්බන්ධයෙන් මෙය සෘජුව බලපාන කරුණකි. බොහෝ වියපැහැදම් කරමින් ඇති දැඩි කළ යුතු වර්ගයක සුනඛයෙකු ජීවිත කාලය පුරා රැකබලා ගැනීමට තමන්ගේ ආර්ථිකය කෙතෙක් දුරට ගැළපේදැයි සිතිය යුතු වේ. දේහ ස්කන්ධය අනුව මෙම සතුන් ගන්නා ආහාර ප්රථමාණය තීරණය වන අතර විශාල දේහ ස්කන්ධයකින් යුතු වැඩුණු සුනඛයකුට දිනකට මිනිසකුට මෙන් දෙතුන් ගුණයක ආහාර ප්‍රමාණයක් අවශ්යශ විය හැක. එමෙන්ම මෙම ආහාර ද සත්වයා ගේ ශරීර පැවැත්මට ඉවහල් වන නියමිත ‍පෝෂ්යක කොටස්වලින් අනූන සමබර ආහාර වේලක් විය යුතුමය.

එසේ නොමැති නම් සතා වරින් වර රෝගී විය හැක. එහෙත් මෙම ‍පෝෂ්‍ය පදාර්ථ ලබා දීම සඳහා අධික මිලක් වැය කළ යුතුම නැත. ඒ සඳහා වන නිවැරදි ක්‍රම වේදය හඳුනා ගැනීමෙන් පසු ස්වභාවික ආහාර පාන මගින් ඉතා අඩු මුදලකින් සුනඛයාගේ ‍පෝෂණ අවශ්‍යතා සපුරාලිය හැක.

ජීවන රටාව

රැකී රක්ෂා ආදී තමන් යොමු වී ඇති ජීවන රටාවන් සමග නිවසේ ඇති දැඩි වන සුනඛයාගේ අවශ්යුතාවයන් සැපිරීමට ඇති හැකියාව පිළිබඳව ද අප කල්පනාකාරී විය යුතුය. එමෙන්ම පවු‍ලේ සාමාජිකයන්ගේ කාල සටහනෙන් යම් වේලාවක් හෝ සුනඛයා සම්බන්ධයෙන් වෙන් කර ගත හැකි වීම ද විශේෂත්වයකි. එසේ නොකළහොත් සුනඛයා රෝගී වීම ඇතුළු විවිධ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත.

නිවසේ හා වත්තේ ඉඩ කඩ

සුනඛයකු ඇති කිරීම සඳහා විශාල නිවසක් හෝ ගෙවත්තක් තිබිය යුතුම නැත. එහෙත් නිවසේ හා වත්තේ ඉඩකඩ තෝරා ගන්නා සුනඛයා හා සැසඳීම අත්යෝවශ්යියෙන්ම සිදුවිය යුත්තකි. ඉතා කුඩා ඉඩ කඩක් ඇති නිවසක් තුළ ඉතා විශාල ලෙස වර්ධනය වන සුනඛයකු හෝ ඉතා ක්‍රීඩාශීලී සුනඛයෙකුට ජීවත්වීම සහ ව්යාායාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වන්නේ නැත.


එවැනි වාතාවරණයකදී වුවද ඉතා කුඩා සිරුරක් මෙන්ම එතරම් ක්‍රීඩාශීලී නොවන ආකාරයේ (lap dogs) නමින් හැඳින්වෙන (Companion Dogs) සුනඛ වර්ගයක් තෝරා ගැනීම තුළ ගැටලුවක් පැන නොනගී. එහෙත් වැඩි ඉඩකඩක් සහ වටපිටාවක් සහිත නිවසක් සඳහා විශාල ලෙස වැඩෙන සුනඛයකු යෝග්යගය.

අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වීම

බොහෝ දෙනකු සුනඛයන් ඇති කරනුයේ විවිධ අවශ්‍යතා පෙරදැරිකර ගනිමිනි.
ඇතිකරන සුනඛයා සුරතලෙකු ලෙස හෝ ආරක්ෂකයෙකු ලෙස ගන්නා තීරණය මත සුනඛ වර්ගය තීරණය කළ යුතු වේ. සුනඛයා මුර සුනඛයකු (Watch dog) ලෙස යොදා ගන්නා අවස්ථාවකදී ඊට උචිත ගුණාංගවලින් යුතු සුනඛ වර්ගයකින් තෝරාගැනීම අවශ්‍ය වේ. නිවාස උද්යාතන වතුපිටි සහ සෙසු ගෘහස්ථ සතුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙබඳු සුනඛ විශේෂ වඩාත් යෝගය වේ.

නිවසේ සාමාජිකයන් පිළිබඳව සැලකිලිමත් වීම

ස්වභාවයෙන්ම පුංචි දේටත් කුපිත වන ගති ලක්ෂණ සහිත හෝ ඉතා ක්‍රීශීලී වේගවත් සුනඛයකු කුඩා දරුවන් සිටින නිවසකට යෝග්යු නොවේ. එවැනි නිවසකට නොතේරුම් ගති ඇති පුංචි දරුවෙකුගේ තාඩන පීඩන පවා ඉවසන සුනඛයකු අවශ්යි වේ. සුනඛ අභිජනනය තුළින් මේ වන විට වර්ග රාශියක් හඳුනාගෙන තිබිමේ වාසිය ඔබට මෙමගින් අත්විඳිය හැක.

පශු වෛද්යො ඉසුරු අංජුල පෙරේරා
Bvsc (Hons) SriLanka

t

o

p