එ.ජා.ප යේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉරිදා (28) කොළඹදී ආරම්භ කෙරෙයි

June 25, 2020

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මුලින්ම නූතන තාක්ෂණය හා දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කරමින් ක්‍රියාත්මක කරන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාස මට්ටමින් ද ලබන මස හතර වැනිදා සිට පක්ෂයේ ප්‍රචාරක කටයුතු මෙහෙය වීමට නියමිතය .

මෙම මහජන රැස්වීම් වලට සහභාගී සහභාගි කරගන්නා කර ගන්නා සංඛ්‍යාව රජයේ නිරෝධායන නීති වලට ගරු කරමින් සිදු කරන ලෙස ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ .

ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර බෞද්ධ ඇතුළු සර්ව ආගමික නායකයින් හමුවී ආශිර්වාද ලබා ගැනීමට ද තීරණය කර ඇත .

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා  සංඝ සභාවේ මහා නා හිමියන් ද බෙල්ලන්විල රජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අංජුල මහික වීරරත්න

t

o

p