ගලේවෙල සමූහ සුනඛ ඝාතකයා සත්ව ගොවිපල හිමියෙක්!

June 25, 2020

ගලේවෙල අළුත් වැව ප්‍රදේශයේ සුනඛයන්ට වස දී මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සත්ව ගොවිපල හිමියකු කෙරෙහි තම සැකය යොමුව ඇතැයි අළුත්වැව ගම්වාසීහු කියති.

එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මෙලෙස හමු වූ සුනඛ මළ සිරුරු වලට අමතරව තවත් සුනඛයන් කිහිප දෙනෙකු අතුරුදන් ව ඇති බවකි.

මෙම සත්ව ගොවිපල හිමියා මීට පෙර ද සුනඛයන් සැලකිය යුතු සංඛ්‍යාවක් වස දී සහ වෙඩි තබා ඝාතනය කොට ඇති අතර බළලුන්ට ද වස දී ඇති බව ප්‍රදේශ වාසීහු කියති.මෙම කුරිරු සත්ව ඝාතන වලට එහෙහිය නැඟී සිටින්නවුන් හට මරණ තර්ජන පවා එල්ල කොට ඇති මෙම පුද්ගලයා ප්‍රදේශයේ බලවතුන් ද සියතට ගෙන හිඳින්නකු බැවින් ඔහුට එරෙහිව නිසිපරිදි ක්‍රියාත්මක වේද යන සැකය තමන් තුළ පවතින බව පවසන අළුත් වැව ප්‍රදේශ වාසීන් වැඩි දුරටත් පවසා හිඳිනුයේ මෙම කෲරතර අපරාධයට එරෙහිව නැඟී සිටීම සදහා තමන්ට තවත් පාර්ශවයක සහයෝගය අවශ්‍ය බවකි

t

o

p