ලංගම දිනක ආදායම මිලියන 25කින් පහලට

June 23, 2020

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් භාවිත කරමින් පොදු ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනක ආදායම මිලියන විස්සත් විසිපහත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්. පණ්ඩුක පවසයි

මිලියන හැත්තෑවත් අසූවත් අතර පැවැති සාමාන්‍ය දිනක ආදායම මේ වනවිට මිලියන පනහත් පනස්පහත් අතර අගයක් දක්වා පහත වැටී ඇත.

මෙම තත්ත්වය තුළ ඉන්ධන වියදම පියවා ගැනීමට පමණක් හැකි බව පැවසූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා, ආසන සංඛ්‍යාවට මගීන් රැගෙන යාමට අවස්ථාව ලබාදී තිබුණද බොහෝ විට ආසන සංඛ්‍යාවටවත් මගීන් නොමැති බවද සඳහන් කළේය.

t

o

p