මෙරට කොරෝනා ආසාදිතයින් 40කින් වැඩි වෙයි

June 24, 2020

කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු ඊයේ (23) දිනයේදී මෙරටින් වාර්තා වි තිබෙනවා. ඉන් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පිරිසක්.

ඊයේ දිනයේ අමෙරිකාවේ සිට පැමිණි තවත් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන තිබෙනවා.

සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගෙන් 1548 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

තවත් වෛරස ආසාදිතයින් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ අතර දිනකට පි.සි .ආර් පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය අද (24) විවෘත කිරීමට නියමිතයි.

t

o

p