රනිල් බැඳුම්කර සිද්ධියේ පාර්ශවකරුවෙක් නොවේ යැයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව දන්වයි

June 19, 2020

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී  සිදු වූ බව කියන මහා පරිමාණ බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශවකරුවෙක් නොවේ යැයි බැඳුම්කර සිද්ධිය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින්  දැනුම් දී ඇතැයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය .

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ දී ම බැඳුම්කර සිද්ධිය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා සාක්කි දුන් බව පැවසූ සිරිකොත ප්‍රකාශකයා එහිදී එවකට අග්‍රාමාත්‍ය වරයා නිර්දෝෂි බවට කොමිෂන් සභාව දැනුම් දුන් බවද කීය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ බව කියන මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු සිව් දෙනකුගෙන් කටඋත්තර සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා  වැඩ බලන පොලිස්පති වරයාට උපදෙස් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන ප්‍රකාශකයා මේ බව සඳහන් කළේ ය.


අදාල කටඋත්තර ලබා ගැනීමේ කරුණ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි ද නැතැයිද සිරිකොත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය 

අංජුල මහික වීරරත්න

t

o

p