ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 02 % ක් දක්වා අඩු කරයි

June 17, 2020

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙන අතර, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2 % ක දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය කළේය. 

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.   මේ අතර, අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශ විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාවය සහ අරමුදල් පිරිවැය පහළ යාමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

t

o

p