මගීන් ආසන ගණන ඉක්මවා ප්‍රවාහනය කළහොත් වැඩ වරදී

June 17, 2020

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකතන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බවයි.

ඇතැම් පෞද්ගලික බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බවට
මේ වන විට තමන්ට තොරතුරු රැසක් වාර්තා වී ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

t

o

p