තාප විදුලිබලාගාර වල බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක්

June 13, 2020

මෙරට තාප(ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත.

එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා පරිසරයට සිදුවන අහිතකර බලපෑමේ ආර්ථිකමය හානිය ඇස්තමේන්තු කර ඇත.

මෙම අධ්‍යයනය සදහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක තාප බලාගාර වර්ග 4ක් පාදක කර ගෙන ඇත. නොරොච්චෝලේ බලාගාරය, යුගදනවි බලාගාරය, කැළණිතිස්ස බලාගාරය හා සපුගස්කන්ද බලාගාරය එම බලාගාර වේ.   ඉදිරියේදී ජල විදුලි බලාගාර, සුළං හා සුර්ය බලාගාර මෙන්ම ස්වභාවික වායු බාලාගාරවලින් පරිසරයට හා සමාජයට වන අහිතකර බලපෑමේ ආර්ථික වියදමද ගණනය කිරීමට පියවර ගෙන ඇත.

පහත දක්වා ඇත්තේ ඉහත අධ්‍යයනය මගින් හෙලි වු තාප බාලාගාරවලින් විදුලිය ජනනයේදී පරිසරයට හා සමාජයට ඇතිවන අහිතකර බලපෑම හේතුවෙන් ඇතිවන බාහිර ආර්ථික පිරිවැයයි. මෙම බාහිර පිරිවැය විදුලිය ජනනය සදහා වැයවන වන ඝෟජු පිරිවැයට අමතරව ඇතිවන වියදමකි.

    තාප බලාගාරයේ නම   කිලෝ වොට් 1ක උත්පාදනයේදී වැයවන බාහිර ආර්ථිකමය පිරිවැය
1   ලක්විජය (නොරොච්චෝලේ) බලාගාරය (ගල් අගුරු) 10.23
2   යුගදනවි බලාගාරය (දැවි තෙල්) 4.53
3 කැළණිතිස්ස බලාගාරය (ඩීසල්) 7.55
4   සපුගස්කන්ද බලාගාරය (දැවි තෙල්) 4.65

තාප විදුලි බලාගාර වල බාහිර ආර්ථික පිරිවැය පිළිබද අධ්‍යයනය ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ සංගමයේ බලශක්ති විශේෂඥයන් කණ්ඩායමක සහාය ඇතිව සිදු කරන ලදී.

විදුලි බලාගාරවලින් විදුලිය ජනනයේදී වායු දූෂණය, ජල දූෂණය, විෂ ද්‍රව්‍ය නිදහස් නිකුත්වීම හා හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් විශාල පරාසයක පරිසර ගැටළු ඇති කරයි. මෙම පාරිසරික ගැටළු හේතුවෙන් අහිතකර ප්‍රජාමය, සමාජමය සහ පාරිසරික වියදම් හෙවත් බාහිර පිරිවැයක් දැරීමට සිදුවන අතර තාප විදුලිබලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන සැබෑ ආර්ථික පිරිවැය නිවැරැදිව ගණනය කල යුතු වේ.

තාප විදුලි බලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය නිවැරැදිව ගණනය කිරීම සදහා ප්‍රථම පියවර වශයෙන් ශ්‍රී ලංකාවේ තාප විදුලි ජනනයේ බාහිර පිරිවැය ඇස්තමේන්තුකිරීම පිළිබද අධ්‍යනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදුකරන ලදී.  මෙම අධ්‍යනයේදී හෙලී වු  ඉහත දක්වා ඇති බාහිර පිරිවැය දත්ත හා ක්‍රමවේදයෙහි වලංගුතාවය තවදුරටත් තහවුරු කරගැනීම සදහා සියළු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදහස් කර සීටී. 

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 (ඇ) වගන්තිය හා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (සංශෝධිත) 3(ඔ) වගන්ති යටතේ මෙම මහජන උපදේශනය පැවත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තාප බලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සියලු පාර්ශ්වයන්ට ඇරයුම් කර සිටී. අදහස් හා යෝජනා consultation@pucsl.gov.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ඉදිරිපත්කල හැකිය.

ලිඛිත අදහස් හා යෝජනා ලබාගැනීමේන් අනතුරුව වාචිකව අදහස් දැක්වීමේ අවස්ථාවක් ද පැවත්වෙනු ඇත. ඒ පිළිබද විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ තාප බලාගාරවිලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවය ඇස්තමේන්තු පිළිබද අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

 අධ්‍යයන වාර්තාව හා උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි ය.

t

o

p