කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

June 13, 2020

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

කොළඹ මහ නගර සභාව සිදුකරන කොළඹ නගරය සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීමයි ඊට හේතුව.

ඒ අනුව කොළඹ 02, 03, 07, 08 සහ 10 ප‍්‍රදේශ වලට හෙට (14) පෙරවරු 9 සිට මධ්‍යම රාතී‍්‍ර 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.

t

o

p