ගම්පහට අද පෙරහුරු මැතිවරණයක්

June 13, 2020

ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් අද පැවැත්වෙනවා.


ඒ, ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහායි.


එම පෙරහුරු මැතිවරණය අද මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වෙන බවයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ.


අද පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කාලය තුළ මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන අතර මේ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිස් නිලධාරීන් සහභාගි වන බව සඳහන්.

මෙම පෙරහුරුව සඳහා ඡන්ද දායකයන් ලෙස 200 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.

t

o

p