කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහලට

June 13, 2020

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලෙයි නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව සදහන්.

එමෙන්ම ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුවේට් හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අයෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්යින්ටීන් ආසාදනය වූ නාවික හමුදා  සාමාජිකයින් 884 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 657 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

t

o

p