හෙට(08) සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය වෙයි

June 7, 2020

හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුම්රිය සහ බස් රථවල මගීන් ගෙනයාමට උපදෙස් ලබා දි ඇති බවයි.

මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර අත්‍යවශ්‍ය කරුණකට හැර බස් රථවලින් ගමන් කිරීම සීමා කළ යුතු බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය.

t

o

p