කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

June 2, 2020

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් තිබේ. 

ඊයේ දිනය තුළ පමණක් හමුවූ රෝගීන් සංඛ්‍යාව 10කි. 

ඒ අතරින් 6 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සෙබළුන් ද අනෙක් දෙදෙනා ආසාදිත යුධ හමුදා නිලධාරියාගේ සමීපතමයින් ද වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 

  මේ අතර ආසාදිතයින් 811 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

  පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

t

o

p