රුපියල් 55ට වී නැහැ – සහල් හිගයක් ඇතිවිය හැකියි

June 2, 2020

රජය විසින් සහල් සදහා උපරිම සහතික මිලක් නියම කළද වී තොග රදවාගෙන සිටින අතරමැදියන් කිලෝව රුපියල් 55 බැගින් වී තමන්ට ලබා නොදීම නිසා සහල් නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බව රත්නපුර දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය පවසයි.

අතරමැදියන් සන්තකයේ තිබෙන වී තොග මෝල්වලට ලබා නොදුන හොත් ඉදිරියේදී යළි සහල් හිගයක් ඇතිවෙතැයි ඔවූහු අනතුරු අඟවති.

පසුගිය මාස් කන්නයේ වී මිලදි ගැනීමේ දී රජයේ සහතික මිල වු රුපියල් පනහට ද අඩුවෙන් රුපියල් හතළිස් හය වැනි මිලට ගත් වී තොග පවා අතරමැදියන් සතුව ඇතත් ඔවුන් ඒවා සහල් කිරිමට රුපියල් පනස් පහට ලබාදීම ප‍්‍රතික්ෂේප කරන බවද සමූපකාර සමිති පවසයි.

t

o

p