මැක්ස් ඝාතනය ගැන පොලිස්පතිට ලිපියක්

May 22, 2020

 මීගමුව,පෙරියමුල්ල, ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇති දැඩි කරමින් සිටි මැක්ස් නම් සුනඛයකු පසුගිය මැයි 07 වෙසක් පුන් පෝ දින එම මාවතේ ගමන් කරමින් සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම අද වන විට අවිහිංසාවාදීන්, සත්ව ලෝලීන්, සත්ව හිමිකම් සහ සුබසාධන ක්‍රියාධරයන් ඇතුළු මුළු මහත් ශ්‍රී ලාංකිකයන් ගේම මහත් කම්පාවටත් ,සංවේගයටත්, හේතු වී තිබේ. එම සිද්ධිය සම්බන්ධ සීසී ටීවී දර්ශන වලට අනුව එය වෙඩි තැබීමක් බව සාධාරණ ලෙස අනුමාන කළ හැකිය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් එම පාරේ ම පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරීවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම ඇප මත නිදහස් කෙරිණ.

එහෙත්, පසුගිය මැයි 18 වෙනිදා ඒ සම්බන්ධයෙන් මීගමු මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැති නඩු විභාගයේදී එම ඝාතනයට සම්බන්ධ ගිනි අවිය ඇතුළු සෙසු සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත්ව තිබූ අතර පොලීසියේ එම හැසිරීම් රටාව මහජනයාගේ සැකමුසු කුතුහලයකට හේතු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධ චූදිතයා විශ්‍රාමික පොලිස් නිලධාරියකු ද වීම මත පොලීසිය මෙම නඩු විභාගයේදී සාක්ෂි වසන් කොට ඇතැයි යන සාධාරණ ජනමතයක් ගොඩනැගෙමින් තිබීම ඊට හේතුවය.

මෙම නඩු විභාගයේදී පැමිණිල්ලේ නීතිඥවරයා ද ඒ බව ගරු අධිකරණය හමුවේ ප්‍රකාශ කොට සිටි අතර ගිනි අවි ආඥා පනත යටතේ මෙම චෝදනාව ඉදිරිපත් කළ හැකිද? ආදී කරුණු විමසා බලා උසස් පොලිස් නිලධාරියකු විසින් සකස් කළ විශේෂ වාර්තාවක් මෙම විසි දෙවන දා ගරු අධිකරණය හමුවට පත් කරන ලෙසත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය විසින් නියෝග කරන ලදී.

පොලිස්පති තුමනි,
මෙම සුනඛ ඝාතනයට හේතු වූ වෙඩි පහර ඉලක්ක කළ ස්ථානය, ඒ සඳහා යොදා ගැනුණු ආයුධය වැනි දේවල් පවා සීසී ටීවී කැමරා වලින් ප්‍රදර්ශනය වන පසුබිමක පොලීසිය මෙම ඝාතනය සම්බන්ධ සාක්ෂි එළිපිටම වසන් කෙරෙන බවට ජනතාව අතරින් නැගෙන චෝදනාව ඉතා ප්‍රබල බව අපගේ ද විශ්වාසයයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා ගෞරවය සහ විශ්වාසය සිඳී නොයන පරිදි එම සුනඛ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ගරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති සියළුම සාක්ෂි කිසිඳු පක්ෂපාතීත්වයකින් තොරව ගරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන ලෙස ඉල්ලා සිටින “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානය එමගින් යුක්තිය පසඳලීම උදෙසා ශ්‍රී ලංකා පොලීසිය මගින් ගරු අධිකරණයට දෙනු ලබන සහාය විශිෂ්ට මට්ටමක පවතින බව මෙරට ජනතාව හමුවේ යළි සපථ කරවීම ඔබ සතු ඉතා වැදගත් යුතුකමක් සහ වගකීමක් බවද කාරුණිකව දන්වා සිටි

t

o

p