‘අම්පන්’ සුළි කුණාටුව පුද්ගලයින් 7000ක් පීඩාවට පත් කරයි

May 21, 2020

හෙට දිනය වනවිට මෙරටට අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩු වී යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 7000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග පැවති ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

‘අම්පන්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කළ මෙරට බහුදින ධීවර යාත්‍රා 30 ක් යළිත් දිවයින බලා යාත්‍රා කරමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ධීවරයින් 180 දෙනෙකු එම යාත්‍රාවල සිටින බවය.

ඉන්දුනීසියානු වෙරළට නාවික සැතපුම් 200 ක් පමණ ආසන්නයේ සිට යාත්‍රා කරන මෙම බහුදින ධීවර යාත්‍රාවලට අවශ්‍ය සහය ලබාදීම සඳහා අද දිනයේ නාවික හමුදා යාත්‍රාවක් එම ප්‍රදේශය කරා යාත්‍රා කිරීමට ද සැළසුම් කර තිබේ.

t

o

p