මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම්

May 22, 2020

මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා.

ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් මිල අඩු කලා. අද වෙනවිට ගෑස් මිල විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. ඇයි එය  නොකරන්නේ. මිල අඩු වෙනවා කියන්නේ රජයේ ආදයම වැඩි වෙනවා කියන එකද. ඒ වගෙම තමයි තෙල් මිල.  ලෝක තෙල් මිල අඩුවෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා. අඩු ගානේ මේ වැඩිවන මිලේ ආදායම රජයට ලැබෙනවානම් කමක්නැහැ.

නමුත් අයිඕසී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද.කොරෝනා තුළ හැම දේම යටපත් කරන්න හදන්නෙපා යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා රජයට අවධාරණය කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා,

අපි වවමු රට නගමු කියලා කිව්වට වැඩක් නැහැ. ගොවීන්ගේ ඵලදාව මිලදී ගෙන, ඔවුන්ට සහන සලසන්න ක්‍රියාකළ යුතුයි. අද වෙනවිට ගොවීන් විශාල ලෙස අසරණ වෙලා සිටිනවා.

අද ඔවුන්ගේ ඵලදාව කුණුකොල්ලයට ගිහින්. මිලක් නියම කරගන්න නොහැකිව ඔවුන් හඩා වැටෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ අපි වවමු රට නගමු කියලා තේරුමක් නැහැ.

කොරෝනාව පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සෞඛය අංශ වලට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම විශේෂයේන ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි, දින 62 ක් ඉතාමත් අපහසුවෙන් ඇදිරි නීතිය තුළින් ගම්න කරලා මේ තත්ත්වය පරාජය කිරීමට සහයෝගය ලබාදීම පිළිබදව.ඒ එක්කම මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් කියන එක අමතක කරන්නෙපා.  ඒ නිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. නැතිනම් අපේ රටට නැගිටින්න බැරි තත්ත්වයක් උදාවේවි.

රටේ මෙවැනි අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඒ වෙනුවෙන්  රෝහල් ඉදිකරන්න හැකියාව තියෙද්දි, කෝටි ගණනක් වියම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න හදන එක නිවැරදි ක්‍රියාවක්ද. බන්ධුල ගුණවර්ධන මහතා නිරන්රයෙන්ම රටේ ආන්දෝලාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. එතුමා තමයි මෙම ක්‍රීඩාංගනය පිළිබදවත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා දැනුමක් ඇති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා, ලංකාව තුල ක්‍රිකට්ක්‍රීඩාව වෙනුවෙන් දැනට අවශ්‍ය ප්‍රමණයටත් වඩා පහසුකම් තිබෙන බව.

එහෙමනම් මේ වගේඅර්බුධකාරී වාතාවරණයක් රටේ පවතින අවස්ථාවක, රෝහල් 35 ක් වැනි ප්‍රමාණයක් ඉදිකරන්න හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් යොදවලා, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන එක විහිළුවක් නෙමෙයිද. අඩුගානේ පෙරපාසල් ඉදිකළා නම් හොද නැද්ද. මේක ප්‍රාග්ධන වියදමක්. ඒක ජනතාවට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. මේ අවස්ථාවේ වඩාත්ම උපයෝගීතාවක් සහිත දෙයකට නේද මේක වියදම් කරන්න ඕන.

පැවැත්විමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රවී කරුණානායක මහතා,

ඡන්ද කොමසාරිස් සහ ඡන්ද කොමිසම අද වෙනවිට අපි කියූ දෙය පිළිගෙන තිබීම සම්බනධයෙන් මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි බොරුවට නිශ්ප්‍රභා කරන්න අවශ්‍ය වුනේ නහැ. රටේ පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය වුනේ ඡන්දයක් නොවෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිර්දේශ කිරීමෙන් පසුව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට පත්වීමෙන් අනතුරුව ඡන්දයක් තියන එක සුදුසුයි කියලයි අපි කිව්වේ. ඒ තතත්ත්වය තමයි ප්‍රායෝගික වන්නේ යැයි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,

එක්සත් ජාතික පක්ෂය තුලින් යම්යම් හේතුන් මත පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩාවට්ටන්න දගලන පිරිස් වැඩකරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය තමයි නිවැරදි තීරණය. ඒ තීරණ විකෘති කරලා, වැරදි අවබෝධයක් ඇති කරලා ඇතැම් පිරිස් ජනතාව නොමග අරින්න උත්සහ කරනවා. ආගමක් වගේ පක්ෂය අදහස, සුරකින ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව තුළින් ගමන් කරන පක්ෂයක්. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටයි.

අන්නඒ වගේ අද වනවිට ජනතාව අපේ ප්කෂයේ ක්‍රියාකලාපය දැකලා, පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. මේකයි සැබෑ තත්ත්වය. ජනතාවට ඔබින පරිදි හැඩගැහිලා, විශාල ජනතා මනාපයක් ලබාගන්නා පක්ෂයක් බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරනවා. පක්ෂයේ මහ ගෙදරින් පිටමං වෙලා සිහින දකින අයට වඩා යමක් අපට පක්ෂය වෙනුවෙන් කරන්න හැකිවෙලා තිබෙනවා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදවට පොලීසියට අකටයුත්තක් කරලා නැහැ . අන්න  ඒ නිසා තමයි අපි පළමුව ත්‍රවිධ හමුදාවට 35% ක වැටුප් වර්ධනයක් ඇති කළේ. ඒ වගේම පොලීසියට වසර ගනනාවක් නොලැබුණ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළේ.

මම පක්ෂයේ නායකතුමා, පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩාකරන කෙනෙක්. එහෙම නැතිව බෝල යවන්නා, පන්දුවට පහර දෙන්නා, කඩුලු රකින්නා කියන හැම අවස්ථාවකම ක්‍රීඩා කරන්නෙක් නෙමෙයි. කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය ගැන එක තමයි අපේ තිබෙන සුවිශේෂීභාවය.

අපට ශෝට් කට් නැහැ. බෞද්ධාගමට විරුද්ධ ප්‍රකාශ කරන අය, අන්තවාදි ආගම් පිලිබද කතා කරන අය, පාස්තු බෝම්බ ගැන මත පලකරන අය, සිරිකොතට  ගල් ගැහුව අය අද අපි ලග නැහැ. ඒ අය අද වනවිට ඒ අයට අදාල ස්ථාන වල සිටින්නේ. ඒ ආකාරයේ අද පක්ෂය තුල නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ කරලා පලක් නැහැ යැයි පැවසීය.

t

o

p