අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන්.
එහි බලපෑම හේතුවෙන් මෙලෙස අද දින සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්තවයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකියි.