කොවිඩ්-19 මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාර්ගෝපදේශය එළිදකී

May 15, 2020


වරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය මැයි  මස 14 වැනිදින එළි දක්වනු ලැබීය. එය, ශ්‍රී  ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහපොළ  වරාය සහ සමුද්රීධය විද්යාායතනයේදී සිදු විය. 


එහිදී, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව මැඩපවත්වා ගැනීමට හැකි වී ඇති කොවිඩ්-19 වසංගතය මර්ධනය පිළිබඳව ගරු සභාපති ජෙනරාල් රත්නායක මහතා අදහස් ප්‍රකාශ කරනු ලැබීය.


 “මෙම වෛසරය පැතිරීම ආරම්භ වූ අවධියේ සිටම එනම් එය ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙර අති ගරු ජනාධිපතිතුමා විසින් මෙහි ඇති බරපතළකම නිවැරදිව හඳුනා ගනු ලැබුවා. ඉන් පසු රට තුළ  වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමත් සමග වඩාත් නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකිවුණා. මේ නිසා අපට රටක් හැටියට ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් තත්වයක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. එහෙත්, මෙම වසංගතය විසින් ලබාදී ඇති අභියෝග තව දුරටත් පවතිනවා. එම අභියෝග ජයගැනීමට අපි සියලු දෙනාගේම සහයෝගය ඉතාම වැදගත් වෙනවා. මේක තනි පුද්ගලයෙකුට හෝ එක් කණ්ඩායමකට පමණක් කිරීමට හැකි දෙයක් නෙමෙයි. මෙය අපි සියල්ලන්ටම එක හා සමාන වගකීමක් පැවරෙන ක්‍රියාවලීයක්,” ජෙනරාල් රත්නායක මහතා සඳහන් කළේය. 


“වරාය කියන්නේ ජාතියේ හදවත. මේක රැකුනොත් තමයි රට රැකෙන්නේ. වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වූ වැඩපිළවෙල කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි. මෙම වසංගත තත්වය නිසා ලැබුණු අභියෝග වගේම අවස්ථාත් රාශියක් අපට තියෙනවා. එම අවස්ථා ලබාගැනීම සඳහා අපි එකතුවෙලා ඉතාම අවංක කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා මා සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා”, එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය

.
ඉන් පසුව සභාව ඇමතු අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂක උපාලි ද සොයිසා මහතා ශ්‍රී ලංකා වාරය අධිකාරිය විසින් එළිදක්වනු ලැබූ කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ මාර්ගෝපදේශය ගැන කෙටි පැහැදිළි කිරීමක් කළේය. 


“මෙම මාර්ගෝපදේශ මාලාව පිළිපැදීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරායේ මෙහෙයුම් වලට සම්බන්ධ සියලුම දෙනාගේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීම අපේ ප්‍රධාන අරමුණයි. එසේම වරායේ මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමට මෙමගින් පිටිවහලක් ලැබෙනවා,” සොයිසා මහතා ප්‍රකාශ කළේය. 


ඉන් අනතුරුව, කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ මාර්ගෝපදේශයේ පළමු පිටිපත ගරු සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාට එහිදී පිළිගන්වනු ලැබීය.  අතිරේක කළමණාකාර අධ්‍යක්ෂක උපාලි ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන නිලධාරී මහත්ම මහත්මීන් කණ්ඩාමක් විසින් ඉහළ කළමණාකාරිත්වයේ සහ කොට්ඨාශ ප්‍රධානීන්ගේ මෙන්ම සේවක මහත්ම මහත්මීන්ගේ උපදෙස් සහ යෝජනා අනුව මෙම මාර්ගෝපදේශය සකස් කරනු ලැබීය. 


රට තුළ පවතින වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්ය  ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් සංවිධානය කළ මෙම හමුවට කළමණාකාර අධ්‍යක්ෂක  කපිතාන් අතුල හේවාවිතාරණ ඇතුළු ශ්‍රී ලංකා වරයා අධිකාරියේ ඉහළ කළමණාකාරිත්වයේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් කිහිපදෙනෙකු මේ සඳහා සහභාගී වූහ. 

t

o

p