කාලගුණයෙන් තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

May 6, 2020

අද(06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කරයි.

  පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.  

මෙම ප්‍රදේශයන්හි පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකිය.

සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව මුහුදු රළ වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා අංශය අනතුරු ඇඟවයි.  

ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.

t

o

p