කොරෝනා පාලනයට එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් හමුවට

April 30, 2020

මාස දෙකකට අධික කාලයක් තිස්සේ ලංකාවේ ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය සඳහා එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරින් හමු විය.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ජා කරන අතරවාරයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම සාකච්ජාවට සම්බන්ධ කරනු ලැබීය.

හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, දයා ගමගේ, සහ අනෝමා ගමගේ මහත්ම මහත්මීහු ඉහත හමුවට සහභාගී වූහ.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම යෝජනා කළ ආකාරයට කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට සෞඛ්‍ය අංශ ගත් පියවර අගය කළ එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍යවරු එය දිනකට 3000 දක්වා වැඩි කර පසුව 5000 සීමාවට ගෙන ආ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන්නැයි ද ඒ සඳහා විපක්ෂයේ පුර්ණ සහය දෙන බවද සඳහන් කළහ.

අංජුල මහික වීරරත්න

t

o

p