කොරෝනාවට මුහුණ දීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව රැස් කරන්නේනම් ආණ්ඩුව පෙරලීමට සහය නොදීමට තීරණයක්

April 30, 2020

කොරෝනා වසංගතයට මුහුණ දීමට අවශ්‍ය නීති රීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව රැස් කරන්නේනම් ආණ්ඩුව පෙරලීමට හෝ වෙනස් කිරීමට හෝ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

කොල්ලුපිටියේ තම නිවසට පැමිණි මන්ත්‍රීවරුන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුයේ කොරෝනා වෛරසය ලෝකයටම තර්ජනයක් වී ඇති අවස්ථාවක එයින් කිසි සේත්ම දේශපාලන වාසි ගැනීමට විපක්ෂය සුදානම් නැති බවයි.

පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂය කියන්නේ ආණ්ඩුව පෙරලීමට යැයි රජය නගන චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

වසංගත තත්වය හමුවේ විපක්ෂය ක්‍රියා කරන ආකාරය පිළිබඳව තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයන් ජනපතිට ලිඛිතවම එකාබද්ධ ප්‍රකාශය මගින් කරුණු දැනුම් දුන් බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඇතිවුණු තත්වයට මුහුණ දීම සඳහා විපක්ෂය විසින රජයට බලතල දීමේ තීරණය පිළිනොගැනීම අතිශය ගැටලුකාරී තත්වයක් බවද කියා සිටියේය.

අංජුල මහික වීරරත්න

t

o

p