කොරෝනාවට මුහුණ දීම සදහා අවශ්‍ය බලතල නීතිමය වශයෙන් සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව කැදවන්න

April 30, 2020

කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඇතිවී තිබෙන තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය බලතල සියල්ලක්ම නීතිමය වශයෙන් සම්මත කර දීමට හැකි වෙතියි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී සම්ප්‍රදායානුකුලව පාර්ලිමේන්තුව කැඳවීමක් අවශ්‍ය නොවන අතර මන්ත්‍රී වරුන් 224න් ඝන පුරණයට අවශ්‍ය 20 දෙනා පමණක් කැඳවීම ප්‍රමාණවත් බව රනිල් වික්‍රමසිංහ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොල්ලුපිටියේ පිහිටි තම නිවසට පැමිණ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා ඇතුළු ජේෂ්ඨ හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙක්ම එහි පැමිණ සිටියහ.  

පාර්ලිමේන්තුවේ ඝන පූරණයට අවශ්‍ය මන්ත්‍රීවරුන් 20දෙනා කැඳවීමෙන් පසු වසංගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර පැයකින් පමණ පාර්ලිමේන්තුව අවසන් කිරීමේ ඉඩකඩ ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා විස්තර කර සිටියේය.

පාර්ලිමේන්තුව සම්මත කරන නීති රීති බලගැන්වීම සඳහා දෙවැනි වර කියවීමට ඒ ආකාරයටම පාර්ලිමේන්තුව පැයකට සීමාකළහැකි යැයිද පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා හදිසි තත්වයට මුහුණදීම සඳහා කැඳවන පාර්ලිමේන්තුවේ සාකච්ජා කරන කරුණු ඊට පෙර පක්‍ෂ නායකයන්ට වෙනම රැස්වී තීරණය කළහැකි බවද ඉන් පරිභාහිරව කිසිවක් කතා නොකිරීමට විපක්ෂයට හැකි යැයිද සඳහන් කළේය.

කොරෝනා වසංගතය ඇරැඹෙන අවස්ථාවේදීම එංගලන්තය හා යුරෝපිය රටවල් කීපයක්ම පාර්ලිමේන්තුව රැස් කර අවශ්‍ය නීති සම්මත කර ගනිමින් වසංගතයට මුහුණ දීම සඳහා බලතල සම්පාදනය කරගත් ආකාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට විස්තර කළේය.

අංජුල මහික වීරරත්න

t

o

p