තැපැල් කාර්යාල මැයි 4 සිට විවෘත කරයි

April 30, 2020

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවල දී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත් දේශීය ‍තැපෑල සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බාර දීමටත් මේ දින සිට මහජනතාවට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

t

o

p